AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ඩොලර් ත්‍යාගයක්

ඉන්දීය කාන්තා කණ්ඩායම පරාජය කරමින් 2024 ආසියානු කුසලාන කාන්තා 20-20 තරගාවලිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට අමෙරිකානු ඩොලර් 100,000ක විශේෂ ත්‍යාගයක් පිරි නැමීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙම ත්‍යාග මුදල ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පිරිනමන බවයි නිවේදනය කළේ.

2024 ආසියානු කුසලාන 20-20 තරගාවලියේ අවසන් මහා තරගයෙන් ඉන්දියාව පරදා කඩුලු 08ක සුපිරි ජයක් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට අද (28) හැකියාව ලැබුණා.

මේ අතර ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා මෙහෙය වූ නායිකා චමරි අතපත්තුට ජනාධිපති රනිල් වික්‍රමසිංහ දුරකථනයෙන් අමතා සුබපැතුම් එක්කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
8
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?