AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටය

ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ, තරගාවලියේ සිව්වන ජයග්‍රහණයත් අද (10) වාර්තා කරමින්.

බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සමඟ අද පැවති තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගත්තේ ලකුණු 03කින්.

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර, එම ආරාධනයෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18යි එක් පන්දුවක් අවසානයේදී කඩුලු 05ක් දැවී ලකුණු 83ක් රැස්කළා.

ඒ අවස්ථාවේ දී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, ඒ හේතුවෙන් ශ්‍රී ලංකා ඉනිම ඉදිරියට ගෙන යාමට හැකියාව ලැබුනේ නැහැ.

වර්ෂාවෙන් පසුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට අවස්ථාව හිමි වූ අතර, ඒ අනුව ඔවුනට ඩක්වත් ලුවිස් න්‍යායට අනුව පන්දුවාර 07කදී ලකුණු 41ක ඉලක්කයක් හිමි වුණා.

එම ඉලක්කය හඹා ගිය බංග්ලාදේශ ක්‍රීඩිකාවන්ට නියමිත පන්දුවාර 07 අවසානයේ ලබාගත හැකිවූයේ කඩුලු 07ක් දැවී ලකුණු 37ක් පමණයි.

සුපිරි පන්දු යැවීමක නිරත වූ ඉනෝකා රණවීර ලකුණු 07කට කඩුලු 04ක් දවා ගනිමින් ශ්‍රී ලංකා පිළට ජයග්‍රහණය රැගෙන ආවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
25
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?