ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටය

ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ, තරගාවලියේ සිව්වන ජයග්‍රහණයත් අද (10) වාර්තා කරමින්.

බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සමඟ අද පැවති තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගත්තේ ලකුණු 03කින්.

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර, එම ආරාධනයෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18යි එක් පන්දුවක් අවසානයේදී කඩුලු 05ක් දැවී ලකුණු 83ක් රැස්කළා.

ඒ අවස්ථාවේ දී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, ඒ හේතුවෙන් ශ්‍රී ලංකා ඉනිම ඉදිරියට ගෙන යාමට හැකියාව ලැබුනේ නැහැ.

වර්ෂාවෙන් පසුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට අවස්ථාව හිමි වූ අතර, ඒ අනුව ඔවුනට ඩක්වත් ලුවිස් න්‍යායට අනුව පන්දුවාර 07කදී ලකුණු 41ක ඉලක්කයක් හිමි වුණා.

එම ඉලක්කය හඹා ගිය බංග්ලාදේශ ක්‍රීඩිකාවන්ට නියමිත පන්දුවාර 07 අවසානයේ ලබාගත හැකිවූයේ කඩුලු 07ක් දැවී ලකුණු 37ක් පමණයි.

සුපිරි පන්දු යැවීමක නිරත වූ ඉනෝකා රණවීර ලකුණු 07කට කඩුලු 04ක් දවා ගනිමින් ශ්‍රී ලංකා පිළට ජයග්‍රහණය රැගෙන ආවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14