ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඇතුළේ අලුත් වැඩක් – ඉන්දීය කණ්ඩායම තුළත් ක්‍රියාත්මකයි (ඡායාරූප)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ දක්ෂතා වර්ධනයට සහ ක්‍රීඩකයින් දිරිගැන්වීම සඳහා කණ්ඩායම් කළමණාකාරීත්වය නව වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

කණ්ඩායමට නව මුහුණුවරක් එක්කරමින් ආරම්භ කර ඇති මෙම නව වැඩසටහන මඟින් එක් එක් තරගය අවසානයේ කණ්ඩායමේ පන්දු රැකීමෙන් ඉහළම දක්ෂතාව දක්වන ක්‍රීඩකයා තෝරාගනු ලබනවා.

එලෙස තෝරාගනු ලබන ක්‍රීඩකයාට ඔරේන්ජ් කැප් තොප්පියක් සහ වටිනා සිහිවටන කාසියක් ත්‍යාගයක් ලෙස පිරිනමන බවයි වාර්තා වුණේ.

ඊයේ ආරම්භ වූ බංග්ලාදේශය සමඟ විස්සයි විස්ස තරගාවලියේ සිට මෙම නව වැඩසටහන කණ්ඩායම තුළ ක්‍රියාත්මක කිරීම අරඹා ඇති බව සඳහන්.

ඒ, අනුව ඊයේ තරගයේ දී දැක් වූ විශිෂ්ඨ පන්දු රැකීම වෙනුවෙන් චරිත් අසලංකට එම ඔරේන්ජ් කැප් තොප්පිය සහ සිහිවන කාසිය ත්‍යාග වශයෙන් පිළිගන්වනු ලැබුවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු උපුල් චන්දන විසින් අසලංකට මෙම ත්‍යාගයන් පිළිගන්වා තිබෙනවා.

බංග්ලාදේශ සමඟ ඊයේ (04) පැවති පළමු විස්සයි විස්ස තරගයේ වීරයා බවට පත්වීමට ද චරිත් අසලංකට හැකියාව ලැබුණා.

මේ අතර මෙවැනිම ආකෘතියේ වැඩසටහනක් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම තුළ ද ක්‍රියාත්මක වනවා.

2 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
70
+1
2
+1
34
+1
4
+1
7
+1
15
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?