ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඇතුළේ අලුත් වැඩක් – ඉන්දීය කණ්ඩායම තුළත් ක්‍රියාත්මකයි (ඡායාරූප)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ දක්ෂතා වර්ධනයට සහ ක්‍රීඩකයින් දිරිගැන්වීම සඳහා කණ්ඩායම් කළමණාකාරීත්වය නව වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

කණ්ඩායමට නව මුහුණුවරක් එක්කරමින් ආරම්භ කර ඇති මෙම නව වැඩසටහන මඟින් එක් එක් තරගය අවසානයේ කණ්ඩායමේ පන්දු රැකීමෙන් ඉහළම දක්ෂතාව දක්වන ක්‍රීඩකයා තෝරාගනු ලබනවා.

එලෙස තෝරාගනු ලබන ක්‍රීඩකයාට ඔරේන්ජ් කැප් තොප්පියක් සහ වටිනා සිහිවටන කාසියක් ත්‍යාගයක් ලෙස පිරිනමන බවයි වාර්තා වුණේ.

ඊයේ ආරම්භ වූ බංග්ලාදේශය සමඟ විස්සයි විස්ස තරගාවලියේ සිට මෙම නව වැඩසටහන කණ්ඩායම තුළ ක්‍රියාත්මක කිරීම අරඹා ඇති බව සඳහන්.

ඒ, අනුව ඊයේ තරගයේ දී දැක් වූ විශිෂ්ඨ පන්දු රැකීම වෙනුවෙන් චරිත් අසලංකට එම ඔරේන්ජ් කැප් තොප්පිය සහ සිහිවන කාසිය ත්‍යාග වශයෙන් පිළිගන්වනු ලැබුවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු උපුල් චන්දන විසින් අසලංකට මෙම ත්‍යාගයන් පිළිගන්වා තිබෙනවා.

බංග්ලාදේශ සමඟ ඊයේ (04) පැවති පළමු විස්සයි විස්ස තරගයේ වීරයා බවට පත්වීමට ද චරිත් අසලංකට හැකියාව ලැබුණා.

මේ අතර මෙවැනිම ආකෘතියේ වැඩසටහනක් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම තුළ ද ක්‍රියාත්මක වනවා.

2 2


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15