ක්‍රිකට් පුහුණුවීම් සඳහා අති නවීන ගෘහස්ථ ක්‍රිකට් පුහුණු අංගනයක් අද (15) විවෘත කළා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පිහිටා ඇති, ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ මෙම නව ගෘහස්ථ පුහුණු අංගනය ඉදිකර තිබෙනවා.
එම අති නවීන ගෘහස්ථ පුහුණු අංගනය විවෘත කිරීමේ අවස්ථාවට ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා ඇතුළු ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් රැසක් එක්ව සිටියා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඉදිකළ මෙම අති නවීන ගෘහස්ථ පුහුණු අංගනය තුළ ඕනෑම කාලගුණික තත්ත්වයක් හමුවේ ක්‍රීඩකයින්ට සිට පුහුණුවීම් සඳහා අවස්ථාව ඒ අනුව උදාවනවා.






ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
+1
2
+1
+1
+1
+1















