ශ්‍රී ලංකා කණ්ඩායම සැකසීමේ දී තියෙන්නේ එක ගැටලුවයි – තිළිණ කණ්ඩම්බි

ශ්‍රී ලංකා කණ්ඩායමේ සංයුතිය සකස් කිරීමේ දී ඇත්තේ එක් ගැටලුවක් පමණක් බව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු තිළිණ කණ්ඩම්බි පවසනවා.

වැඩිපුර පිතිකරුවෙක් ක්‍රීඩා කරනවාද නැත්නම් පන්දු යැවීමට හැකි තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ක්‍රීඩකයෙක් ක්‍රීඩාකරනවා ද යන්න එම ගැටලුව බවයි කණ්ඩම්බි සඳහන් කළේ.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද (27) පැවැත්වෙන සුපිරි හතර වටයේ අවසන් තරගයට පෙර පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු මේ බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු තිළිණ කණ්ඩම්බි,

“ඕනෑම කණ්ඩායමක් ගත්තොත් නොම්බර අට වෙනකන් ක්‍රීඩාකරන්න පුළුවන් ක්‍රීඩකයි ඉන්නේ.ඉතින් අපිට බැට්ස්මන්ලා හත්දෙනෙකුගෙන් ගහලා බොලස්ලා හතරදෙනෙක්ට යන්නලේසි නෑ. ඕල්රවුන්ඩර් කෙනෙක්ගේ අවශ්‍යතාවය එතන තියනවා.මම හිතනවා තරග වැඩියෙන් ජයග්‍රහණය කරලා තියෙන්නේ පිතිකරුවන් හත්දෙනෙක් එක්ක ගිහිල්ලා.”

මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණදෙන අවසන් තරගය අද පැවැත්වෙන අතර, ශ්‍රී ලංකාව මේ වනවිටත් තරගාවලියෙන් ඉවතට විසි වී අවසන්.

ඒ, අනුව ගෞරවාන්විතව තරගාවලියෙන් ඉවත්වීමට නම් ඉන්දියාව සමඟ අද තරගය ජයග්‍රහණය කිරීම වත්මන් ආසියානු ශූරයින්වන ශ්‍රී ලංකාවට අනිවාර්ය වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
4
+1
34
+1
4
+1
5
+1
2
+1
27
Subscribe
Notify of
8 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?