ශ්‍රී ලංකා කණ්ඩායමේ ශාරීරික යෝග්‍යතාවය බලන්න විදෙස් පුහුණුකරුවෙක්

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට ශාරීරික යෝග්‍යතාවය පිළිබඳ විදෙස් පුහුණුකරුවෙකු බඳවා ගැනීම කෙරෙහි අවධානය යොමුව ඇති බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දිගින් දිගටම ආබාධවලට ලක්වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.

ක්‍රිකට් ක්‍රිඩකයින් සඳහා ශාරිරික යෝග්‍යතාවය පිළිබඳ මාස 2ක පුහුණු වැඩසටහනක් ද මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු තනතුරට දකුණු අප්‍රිකානු ජාතික ගැරි කර්ස්ටන් පත් කර කර ඇති බවට ඊයේ තොරතුරු වාර්තා වුණා.

එළඹෙන අප්‍රේල් මාසයේ 15 වනදා සිට වසර දෙකක කොන්ත්‍රාත් කාලයක් සඳහා මෙම පත් කිරීම සිදුකර තිබෙනවා.

ගැරි කර්ස්ටන්ගේ පුහුණුකාරීත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම 2027 වසරේ පැවැත්වෙන එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට මුහුණදීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !