ශ්‍රී ලංකා කණ්ඩායමට 2023 ක්‍රිකට් ලෝක කුසලානයේ සුපිරි 8 දෙනා අතර තැනක් හිමිවෙයිද?

2023 දී ඉන්දියාවේ පැවැත්වීමට නියමිත ICC ක්‍රිකට් ලෝක කුසලානයේ සුපිරි 8 දෙනා අතරට පිවිසීමේ අවස්ථාව අඩුවී තිබෙනවා.ඒ ඊයේ පැවති ඇෆ්ගන් තරඟය වර්ෂාව නිසා අතහැර දැමීමත් සමඟයි.

ශ්‍රී ලංකා කණ්ඩායමට සුපිරි 8 දෙනා අතරට පිවිසීම අවශ්‍ය ප්‍රසාද ලකුණු ලබාගැනීම සඳහා තවත් ඉතිරිව ඇත්තේ තවත් තරඟ 4 ක් පමණයි.ඒ ඇෆ්ගනිස්තානය අතර අවසන් තරඟය හා නවසීලන්තය සමඟ පැවත්වීමට නියමිත තරඟාවලිය පමණයි.

ශ්‍රී ලංකාව මේ වනවිට ප්‍රසාද ලකුණු සටහනේ 10 වෙනි ස්ථානයේ පසුවෙයි.ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට තරඟ 20 කට සහභාගි වී ඉන් තරඟ 6 ක් ජයගෙන තරඟ 12 ක් පරාජයට පත්වී ඇත.තරඟ 2ක් ජය පරාජයෙන් තොරව නිමාවට පත්වී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?