ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ඉදිරි සැලසුම් ගැන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී අවධානය

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ඉදිරි සැලසුම්, ක්‍රියාමාර්ග, හඳුනාගත් දුෂ්කරතා සහ ආයෝජන කිරීමට බලාපොරොත්තු වන අංශ පිළිබඳ ඉදිරිපත්කිරීමක් සහිතව (Presentation) ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සම්බන්ධයෙන් පැන නැගී ඇති ප්‍රායෝගික ගැටලු හා දුෂ්කරතා අධ්‍යනය කිරීමටත්, ඒ පිළිබඳ සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී සාකච්ඡාවට ලක්වී තිබෙනවා.

මේ පිළිබඳව සාකච්ඡා කෙරුණේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සම්බන්ධයෙන් පැන නැගී ඇති ප්‍රායෝගික ගැටලු හා දුෂ්කරතා අධ්‍යනය කිරීමටත්, ඒ පිළිබඳ සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවසථාවේදී යි.

මෙම විශේෂ කාරක සභාව සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය, වරාය නගර කොමිෂන් සභාව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, සංචාරක අමාත්‍යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය, අධිකරණ අමාත්‍යාංශය සහ කර්මාන්ත අමාත්‍යංශය ඇතුළු අංශ ගණනාවක් නියෝජනය කරන නිලධාරීන් සම්බන්ධ වී සිටියා.

මේ අනුව මෙහිදී ලංකාවේ ආයෝජන ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් පවතින ප්‍රායෝගික ගැටලු පිළිබඳව සාකච්ඡා කෙරුණු අතර ඒ සම්බන්ධයෙන් ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයේ අදහස් සහ යෝජනා විමසා බැලීම ද සිදු විය. ඒසේම වියට්නාමය, මැලේෂියාව වැනි රටවල ආයෝජන ඉහළ මට්ටමක පැවතීම සහ එම තත්ත්වයට මෙරට ළගාවීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද සාකච්ඡා වී තිබෙනවා.

එසේම මෙරට පවතින ඛණිජ සම්පත් නිවැරදිව කැනීම් කොට විදේශ වෙළඳපොළට අළෙවි කිරීමේ අවශ්‍යතාවද සාකච්ඡාවට ලක්වුණා.

ආයෝජන සඳහා පැමිණෙන විවිධ පාර්ශ්ව සඳහා අවශ්‍ය බාහිර අනුමතීන් කඩිනමින් ලබාගැනීමට එක් ස්ථානයක් ඇතිකිරීම පිළිබඳව සහ එම අනුමතීන් සඳහා ගතවන කාලය අවම කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වූ බව සඳහන්.

එසේම ඒ ඒ අංශ අතර මනා සන්නිවේදනයක් සහිතව කටයුතු කරමින් මෙරට ආයෝජන ප්‍රවර්ධනය කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන්ද මෙම කාරක සභාවේදී අවධානය යොමු වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?