ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ඉදිරි සැලසුම් ගැන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී අවධානය

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ඉදිරි සැලසුම්, ක්‍රියාමාර්ග, හඳුනාගත් දුෂ්කරතා සහ ආයෝජන කිරීමට බලාපොරොත්තු වන අංශ පිළිබඳ ඉදිරිපත්කිරීමක් සහිතව (Presentation) ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සම්බන්ධයෙන් පැන නැගී ඇති ප්‍රායෝගික ගැටලු හා දුෂ්කරතා අධ්‍යනය කිරීමටත්, ඒ පිළිබඳ සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී සාකච්ඡාවට ලක්වී තිබෙනවා.

මේ පිළිබඳව සාකච්ඡා කෙරුණේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සම්බන්ධයෙන් පැන නැගී ඇති ප්‍රායෝගික ගැටලු හා දුෂ්කරතා අධ්‍යනය කිරීමටත්, ඒ පිළිබඳ සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවසථාවේදී යි.

මෙම විශේෂ කාරක සභාව සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය, වරාය නගර කොමිෂන් සභාව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, සංචාරක අමාත්‍යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය, අධිකරණ අමාත්‍යාංශය සහ කර්මාන්ත අමාත්‍යංශය ඇතුළු අංශ ගණනාවක් නියෝජනය කරන නිලධාරීන් සම්බන්ධ වී සිටියා.

මේ අනුව මෙහිදී ලංකාවේ ආයෝජන ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් පවතින ප්‍රායෝගික ගැටලු පිළිබඳව සාකච්ඡා කෙරුණු අතර ඒ සම්බන්ධයෙන් ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයේ අදහස් සහ යෝජනා විමසා බැලීම ද සිදු විය. ඒසේම වියට්නාමය, මැලේෂියාව වැනි රටවල ආයෝජන ඉහළ මට්ටමක පැවතීම සහ එම තත්ත්වයට මෙරට ළගාවීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද සාකච්ඡා වී තිබෙනවා.

එසේම මෙරට පවතින ඛණිජ සම්පත් නිවැරදිව කැනීම් කොට විදේශ වෙළඳපොළට අළෙවි කිරීමේ අවශ්‍යතාවද සාකච්ඡාවට ලක්වුණා.

ආයෝජන සඳහා පැමිණෙන විවිධ පාර්ශ්ව සඳහා අවශ්‍ය බාහිර අනුමතීන් කඩිනමින් ලබාගැනීමට එක් ස්ථානයක් ඇතිකිරීම පිළිබඳව සහ එම අනුමතීන් සඳහා ගතවන කාලය අවම කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වූ බව සඳහන්.

එසේම ඒ ඒ අංශ අතර මනා සන්නිවේදනයක් සහිතව කටයුතු කරමින් මෙරට ආයෝජන ප්‍රවර්ධනය කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන්ද මෙම කාරක සභාවේදී අවධානය යොමු වුණා.

  1. INVESTORS LA ENNE KOHOMA? DHA ENNE MOKATA DHA? EYI EYALA ENNE? WENA KISIMA RATAK NATHINAM MEHE EYI. AIRPORT EKE, CUSTOM EKE, HARBOUR EKE INDHALAMA PAGAWA GANNAWA. BUSINESS EKAK PATAN GANNA ONA DOCUMENTS,APPROVALS, CERTIFICATION GANNA MASA GANAK THANIN THANTA YANNA ONA, HEMA THANAMA GANA KAPA GANNAWA. ITA PASSE MEHE PLANT EKA DANNA CONSTRUCTION WALATA 500% COST EKAK YANAWA. ELECTRICITY TH EHEMAYI, GATHTHATHA PRODUCTION PLAN KARANNA BAHE POWER CUT. IMPORT EXPORT KARANNA BAHE NOYEK JATHIYE TAXES,LEVIES, DUTIES. EXPORT KARANA HEMA CONTAINER EKAKIN MA GANA KAPANAWA. UNTA PISSU NAHE MEHETA AWITH MUNTA SALLI PUDANNA. MEWA MEHEMAYI KIYALA MAMA DANNETH MEDIA WALA GIYA EWAMA DEKALA KIYALWALA.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39