ශ්‍රී ලංකාව හා ඉන්දියාව කියන්නේ සිතියමේ ඇති රටවල් දෙකක් විතරක් නෙවෙයි – ජනපති මතක් කළ බැඳියාව (වීඩියෝව)

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යනු සිතියමේ ඇති රටවල් දෙකක් පමණක් නොව, ඊට වඩා එහාට ගමන් කළ ඉතිහාසයක්, සංස්කෘතික සබඳතාවක් සහ සමාජීය අන්‍යෝන්‍ය සබඳතාවක් පවතින රාජ්‍යයන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

මෙරටට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඇතුළු දූත පිරිස සමග ජනාධිපති ලේකම් කාර්‍යාලයේ දී පැවති විශේෂ සාකච්ඡාවේදියි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින කිලෝමීටර් 50ක් තරම් වූ කෙටි මුහුදු තීරයකින් වෙන් වුව ද, අතීතයේ පටන් දෙපාර්ශ්වයේම ජාතීන් අසල්වාසීත්වය වෙනුවෙන් පෙනී සිටි බව ද ජනාධිපතිවරයා පැවසුවා.

තම රජය පත්වීමෙන් පසු මෙරටට පැමිණි පළමු විදේශීය නායකයා ලෙසට ද නරේන්ද්‍ර මෝදි හට ශ්‍රී ලංකා රජයෙන් ගෞරවනීය පිළිගැනුමක් සහ ස්තුතියක් මුළු මහත් ජාතීන් වෙනුවෙන් ම පුද කරන බවයි අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ.

අනාදිමත් කාලයක සිට පවත්වාගෙන එන මිත්‍රශීලීත්වය ගැන මෙම සංචාරය පිළිගැනීමෙන් පිළිඹිබු වන බව ද ජනාධිපතිවරයා පැවසූ අතර විවිධත්වයේ දේශය වන ඉන්දියාව අධ්‍යාත්මික උරුමයන් සඳහා සැලකිය යුතු දායකත්වයක් ගෝලීය රාමුවේ දී සිදු කෙරෙන බව ද මතක් කර සිටියා.

කලාපීය බලවතා වශයෙන් දකුණු ආසියාව තුළ සිය අසල්වාසී රාජ්‍යය වන ශ්‍රී ලංකාව සමග අත්වැල් බැඳගනිමින් නැගී සිටීම ගැන අවංකයෙන් ම තමන් ඇතුළු ශ්‍රී ලාංකිකයින් අත්පොළසන් දෙන්නේ අවංකත්වයෙන් බව ද අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරනවා.

ආගමික, සංස්කෘතික, සමාජීය බැඳීම් අන්‍යෝන්‍ය ගෞරවය මත ගෙන යන දෙපාර්ශ්වය ම ශිෂ්ටාචාරික හවුල්කරුවන් වශයෙන් පෙනෙන බවත් ඉන්දියාව ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටි අතීත සිදුවීමක් ලෙස 1996 ලෝක කුසලානයේ දී කණ්ඩායම් දෙකක් ශ්‍රී ලංකාවට පැමිණීමට අකමැති වීමේ දී ඉන්දියාව ඒකාබද්ධ ව කණ්ඩායමක් ලෙස මෙරටට පැමිණීම ගැන ද ජනාධිපතිවරයා යළිත් වරක් ඉන්දීය මිත්‍රත්වය වෙනුවෙන් ස්තුතිය පළ කර සිටියා.

බෙදාගත් අනාගතයක් සඳහා හවුල්කාරීත්වය පෙරදැරි කරගත් ගමනක් වන දෙපාර්ශ්වයේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල දී මහව – ඕමන්ත දුම් රිය මාර්ගය සඳහා ණය සැපයීම, මහව – අනුරාධපුර දුම් රිය මාර්ගයේ සංඥා පද්ධතිය ස්ථාපනය, ණය ප්‍රතිව්‍යූහගතකරණයේ දී ලබාදිය හැකි උපරිම සහාය ශ්‍රී ලංකාව වෙනුවෙන් පිරිනැමීම ගැන ද නරේන්ද්‍ර මෝදි ඇතුළු ඉන්දීය රජයට විශේෂ ස්තුතියක් ද පිරිනැමුණා.

”අසල්වැසියා පළමුව” යන නරේන්ද්‍ර මෝදි මහතාගේ ආර්ථික දැක්ම අනුව වර්ධනය, නවෝත්පාදන, ඩිජිටල්කරණය සහයෝගීතාව වෙළෙඳ, කෘෂිකර්මාන්තය ගැන පුළුල් වශයෙන් සාකච්ඡා කෙරෙන බවත් ඉදිරියටත් මෙම සබඳතා පුළුල් වශයෙන් දියුණු කරගැනීමට රජයක් ලෙස කැපවන බව ද අනුර කුමාර දිසානායක මහතා උත්සව සභාව අමතමින් වැඩිදුරටත් කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23


?