ශ්‍රී ලංකාව හා ඉන්දියාව කියන්නේ සිතියමේ ඇති රටවල් දෙකක් විතරක් නෙවෙයි – ජනපති මතක් කළ බැඳියාව (වීඩියෝව)

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යනු සිතියමේ ඇති රටවල් දෙකක් පමණක් නොව, ඊට වඩා එහාට ගමන් කළ ඉතිහාසයක්, සංස්කෘතික සබඳතාවක් සහ සමාජීය අන්‍යෝන්‍ය සබඳතාවක් පවතින රාජ්‍යයන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

මෙරටට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඇතුළු දූත පිරිස සමග ජනාධිපති ලේකම් කාර්‍යාලයේ දී පැවති විශේෂ සාකච්ඡාවේදියි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින කිලෝමීටර් 50ක් තරම් වූ කෙටි මුහුදු තීරයකින් වෙන් වුව ද, අතීතයේ පටන් දෙපාර්ශ්වයේම ජාතීන් අසල්වාසීත්වය වෙනුවෙන් පෙනී සිටි බව ද ජනාධිපතිවරයා පැවසුවා.

තම රජය පත්වීමෙන් පසු මෙරටට පැමිණි පළමු විදේශීය නායකයා ලෙසට ද නරේන්ද්‍ර මෝදි හට ශ්‍රී ලංකා රජයෙන් ගෞරවනීය පිළිගැනුමක් සහ ස්තුතියක් මුළු මහත් ජාතීන් වෙනුවෙන් ම පුද කරන බවයි අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ.

අනාදිමත් කාලයක සිට පවත්වාගෙන එන මිත්‍රශීලීත්වය ගැන මෙම සංචාරය පිළිගැනීමෙන් පිළිඹිබු වන බව ද ජනාධිපතිවරයා පැවසූ අතර විවිධත්වයේ දේශය වන ඉන්දියාව අධ්‍යාත්මික උරුමයන් සඳහා සැලකිය යුතු දායකත්වයක් ගෝලීය රාමුවේ දී සිදු කෙරෙන බව ද මතක් කර සිටියා.

කලාපීය බලවතා වශයෙන් දකුණු ආසියාව තුළ සිය අසල්වාසී රාජ්‍යය වන ශ්‍රී ලංකාව සමග අත්වැල් බැඳගනිමින් නැගී සිටීම ගැන අවංකයෙන් ම තමන් ඇතුළු ශ්‍රී ලාංකිකයින් අත්පොළසන් දෙන්නේ අවංකත්වයෙන් බව ද අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරනවා.

ආගමික, සංස්කෘතික, සමාජීය බැඳීම් අන්‍යෝන්‍ය ගෞරවය මත ගෙන යන දෙපාර්ශ්වය ම ශිෂ්ටාචාරික හවුල්කරුවන් වශයෙන් පෙනෙන බවත් ඉන්දියාව ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටි අතීත සිදුවීමක් ලෙස 1996 ලෝක කුසලානයේ දී කණ්ඩායම් දෙකක් ශ්‍රී ලංකාවට පැමිණීමට අකමැති වීමේ දී ඉන්දියාව ඒකාබද්ධ ව කණ්ඩායමක් ලෙස මෙරටට පැමිණීම ගැන ද ජනාධිපතිවරයා යළිත් වරක් ඉන්දීය මිත්‍රත්වය වෙනුවෙන් ස්තුතිය පළ කර සිටියා.

බෙදාගත් අනාගතයක් සඳහා හවුල්කාරීත්වය පෙරදැරි කරගත් ගමනක් වන දෙපාර්ශ්වයේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල දී මහව – ඕමන්ත දුම් රිය මාර්ගය සඳහා ණය සැපයීම, මහව – අනුරාධපුර දුම් රිය මාර්ගයේ සංඥා පද්ධතිය ස්ථාපනය, ණය ප්‍රතිව්‍යූහගතකරණයේ දී ලබාදිය හැකි උපරිම සහාය ශ්‍රී ලංකාව වෙනුවෙන් පිරිනැමීම ගැන ද නරේන්ද්‍ර මෝදි ඇතුළු ඉන්දීය රජයට විශේෂ ස්තුතියක් ද පිරිනැමුණා.

”අසල්වැසියා පළමුව” යන නරේන්ද්‍ර මෝදි මහතාගේ ආර්ථික දැක්ම අනුව වර්ධනය, නවෝත්පාදන, ඩිජිටල්කරණය සහයෝගීතාව වෙළෙඳ, කෘෂිකර්මාන්තය ගැන පුළුල් වශයෙන් සාකච්ඡා කෙරෙන බවත් ඉදිරියටත් මෙම සබඳතා පුළුල් වශයෙන් දියුණු කරගැනීමට රජයක් ලෙස කැපවන බව ද අනුර කුමාර දිසානායක මහතා උත්සව සභාව අමතමින් වැඩිදුරටත් කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39