ශ්‍රී ලංකාව සඳහා වන ආසියානු සංවර්ධන බැංකුවේ නව අධ්‍යක්ෂවරිය වන ෂැනන් කව්ලින් ඇතුළු දූත පිරිස අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය හමු වුණා.
ඊයේ (10) අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී මෙම හමුව සිදුව තිබුණා.
ශ්‍රී ලංකාව සඳහා වන ආසියානු සංවර්ධන බැංකුවේ නව අධ්‍යක්ෂ තනතුරට පත් ෂැනන් කව්ලින්ට අග්‍රාමාත්‍යවරිය මෙහිදී සුබ පැතුම් එක් කළ අතර, ශ්‍රී ලංකාව සහ ආසියානු සංවර්ධන බැංකුව අතර පවතින දිගුකාලීන හවුල්කාරිත්වය අගය කළා.
ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධන වැඩසටහන් සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් ලබාදෙනු ලබන අඛණ්ඩ සහයෝගය පිළිබඳව ද අග්‍රාමාත්‍යවරිය මෙහිදී සිහිපත් කළා.
රට යළි ගොඩනැගීම සහ ප්‍රතිසංස්කරණ කටයුතු ඇතුළුව සුළි කුණාටු තත්ත්වයෙන් පසු රට යථා තත්ත්වයට පත් කිරීමට ශ්‍රී ලංකාවට තවදුරටත් සහාය වීමට සූදානම් බවයි නියෝජිත පිරිස මෙහිදී සඳහන් කළේ.
එමෙන්ම මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයට අවශ්‍ය සහාය ලබාදීමට සූදානම් බව ද දූත පිරිස ආසියානු සංවර්ධන බැංකුවේ තවදුරටත් සඳහන් කළා.













