ශ්‍රී ලංකාව තවත් පහළට

ගෝලීය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් (S&P)ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීම්වල තවදුරටත් පහත හෙළා තිබේ.

මීට පෙර පැවති CC තත්ත්වයේ සිට “Selective Default” දක්වා ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය පහළ දමා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

දින 30ක කාලයකින් පසු 2023 – 2028 කාලයේදී කල් පිරීමට නියමිත ස්වෛරීත්ව බැදුම්කර පොලී ගෙවීම මඟහැරීම මත ශ්‍රේණිගත කිරීම් D මට්ටම දක්වා තවදුරටත් පහත පැවතිය හැකි බව වාර්තා වේ.

එම කාලය තුළ ශ්‍රී ලංකා රජය අදාළ ගෙවීම් සිදුකරනු ඇති බවට අපේක්ෂා කළ නොහැකි බව ද ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ආයතනය පවසයි.

මේ වන විට ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටී.

2019 දෙසැම්බර් 18 වනදා සිට ෆිච්, මූඩීස් හා ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් යන ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් ආයතන ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම් සෘණාත්මක ලෙස පහත දැමීම ආරම්භ කර තිබේ.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ආයතනය විසින් ශ්‍රී ලංකාව දක්වා ඇති ශ්‍රේණිගත කිරීම් මෙරට ඉතිහාසය තුළ රට පත්ව ඇති පහළම ශ්‍රේණිගත කිරීම ද වේ.



අපගේ නවතම වීඩියෝ පුවත්