ශ්‍රී ලංකාව ගැන IMF තීරණය 21 වනදා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සඳහා සහාය දක්වන විස්තීරණ අරමුදල් පහසුකම පිළිබඳ අවසන් තීරණය ලබන 21 වනදා නිළ වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

ඒ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩල රැස්වීමෙන් අනතුරුවයි.

ඊට අදාළ විශේෂ මාධ්‍ය හමුවක් මෙරට වේලාවෙන් මාර්තු 21 වනදා පෙරවරු 08 ට කොළඹදී පැවැත්වෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අද නිළ වශයෙන් අනාවරණය කළා.

ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව, ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී, පීටර් බෲවර් සහ ශ්‍රී ලංකාව, ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ දූත මණ්ඩල ප්‍රධානී මසහිරෝ නොසාකි සහභාගි වීමට නියමිතයි.

ශ්‍රී ලංකාවට සහය ලබාදීම සම්බන්ධ වැඩසටහන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයට ලබන 20 වනදා ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

චීනය, ඉන්දියාව සහ පැරිස් සමාජය ඇතුලු ශ්‍රී ලංකාවේ ප්‍රධාන ණයහිමියන්ගෙන් මුල්‍ය සහතික ලබාගැනීමේදී සහ තීරණාත්මක ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ගැනීමේදී ශ්‍රී ලංකා බලධාරීන් ලබාඇති ප්‍රගතිය ප්‍රශංසනීය බවයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මේ වන විටත් ප්‍රකාශ කර ඇත්තේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක මුල්‍ය සහනයක් ලබා ගැනීම ශ්‍රී ලංකාවේ අපේක්ෂාවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?