ශ්‍රී ලංකාව ගැන IMF තීරණය 21 වනදා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සඳහා සහාය දක්වන විස්තීරණ අරමුදල් පහසුකම පිළිබඳ අවසන් තීරණය ලබන 21 වනදා නිළ වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

ඒ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩල රැස්වීමෙන් අනතුරුවයි.

ඊට අදාළ විශේෂ මාධ්‍ය හමුවක් මෙරට වේලාවෙන් මාර්තු 21 වනදා පෙරවරු 08 ට කොළඹදී පැවැත්වෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අද නිළ වශයෙන් අනාවරණය කළා.

ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව, ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී, පීටර් බෲවර් සහ ශ්‍රී ලංකාව, ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ දූත මණ්ඩල ප්‍රධානී මසහිරෝ නොසාකි සහභාගි වීමට නියමිතයි.

ශ්‍රී ලංකාවට සහය ලබාදීම සම්බන්ධ වැඩසටහන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයට ලබන 20 වනදා ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

චීනය, ඉන්දියාව සහ පැරිස් සමාජය ඇතුලු ශ්‍රී ලංකාවේ ප්‍රධාන ණයහිමියන්ගෙන් මුල්‍ය සහතික ලබාගැනීමේදී සහ තීරණාත්මක ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ගැනීමේදී ශ්‍රී ලංකා බලධාරීන් ලබාඇති ප්‍රගතිය ප්‍රශංසනීය බවයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මේ වන විටත් ප්‍රකාශ කර ඇත්තේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක මුල්‍ය සහනයක් ලබා ගැනීම ශ්‍රී ලංකාවේ අපේක්ෂාවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14