ශ්‍රී ලංකාව ඕනෑම අවස්ථාවක උදව් කිරීමට ඉරානය සූදානම් බව ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති අලිරේසා ඩෙල්කෝෂ් පවසනවා.
මෙරට පිහිටි ඉරාන තානාපති කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට අද (23) එක්වෙමින් තානාපතිවරයා මේ බව සඳහන් කළා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ශ්‍රී ලංකාව තෙල් හෝ වෙනත් ඕනෑම අත්‍යවශ්‍ය භාණ්ඩ ඉල්ලා සිටියහොත් තම රට එම භාණ්ඩ ශ්‍රී ලංකාවට ලබාදීමට සූදානමින් සිටින බවයි.
එමෙන්ම හෝමූස් සමුද්‍ර සන්ධිය ඉරානය සිය මිත්‍ර රටවලට වසා දමා නොමැති බවයි තානාපතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
+1
17
+1
1
+1
+1
1
+1













