ශ්‍රී ලංකාවේ LGBTQ ප්‍රජාවට එරෙහිව පවතින නීති ගැන යුරෝපා පාර්ලිමේන්තුවේ අවධානය

ශ්‍රී ලංකාවේ සමලිංගික ප්‍රජාවට එරෙහිව පවතින නීති ඉවත් කිරීම ගැන ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ස්ථාවරය යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රීන් විසින් අගය කර තිබෙනවා.

ජුනි 18 වැනි දිනයේදී යුරෝපා පාර්ලිමේන්තුවේ නියෝජිතවරයෙක් වන ජර්මානු ජාතික ලුකා සෙපියර් ශ්‍රී ලංකා මානව හිමිකම් ක්‍රියාකාරකයෙක් වන කෞෂාල් රණසිංහ සමග පැවති සමාජ මාධ්‍ය සංවාදයක දී යුරෝපා පාර්ලිමේන්තුවේ අවධානය ශ්‍රී ලංකාවේ LGBTQ ප්‍රජාවට එරෙහිව පවතින නීති කෙරෙහි යොමුව ඇති බව පැවසුවා.

තවදුරටත් ඔහු පවසා සිටියේ 2022 දී දූෂණ, වංචා සහ පවුල් පාලනයට එරෙහිව ශ්‍රී ලංකා ජනතාවගේ නැගී සිටීම ජාත්‍යන්තර ප්‍රජාවගේ අවධානයට ලක් වූ බවත්, වර්තමානයේ දේශපාලන යාන්ත්‍රණය පිළිබඳව ඔවුන්ගේ බලාපොරොත්තු පවතින බවත්ය.

එහිදී ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සමරිසි ප්‍රජාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් ප්‍රගතිශීලී තීන්දුවක් ලබාදෙමින් පාර්ලිමේන්තුවේ, දණ්ඩ නීති සංග්‍රහයේ 365 වගන්තිය ඉවත් කිරීමේ නිර්දේශ ක්‍රියාත්මක කරන මෙන් ඉල්ලා සිටියා.

යුරෝපා පාර්ලිමේන්තුවේ නියෝජිතවරයෙක් වන ජර්මානු ජාතික ලුකා සෙපියර් ශ්‍රී ලංකාවේ ජනාධිපති සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් සමලිංගික ප්‍රජාවට එරෙහිව පවතින නීති ඉවත් කිරීම සඳහා පොරොන්දු දීම අගය කළ අතර එම පොරොන්දු ක්‍රියාත්මක වීම සිදු වේ දැයි ජාත්‍යන්තරය වශයෙන් බලා සිටින බවත්, ඒ හරහා ශ්‍රී ලංකාවට මානව හිමිකම් හි ලෝකයේ සුවිශේෂී ස්ථානයක් හිමි වේ යැයි කරුණු සඳහන් කළ බවයි වාර්තා වන්නේ.

යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ, ශ්‍රී ලංකාවට සමලිංගික ප්‍රජාවට එරෙහිව පවතින නීති යටත්විජිත සමයේදී යුරෝපා ජාතිකයන් විසින් පැනවීම සම්බන්ධව සිය සමාව අයදින බවයි.

මූලාශ්‍ර සැපයීම – ශ්‍රී ලංකා මානව හිමිකම් ක්‍රියාකාරී නීතිඥ කෞශාල් රණසිංහ විසිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
8
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21