ශ්‍රී ලංකාවේ සැම්බෝවරුන්ට දකුණු ආසියාවෙන් තුන්වැනි තැන (ඡායාරූප)

දෙවන දකුණු ආසියානු සැම්බෝ (Sambo) සටන් කලා ශූරතා තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළ 08 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම රන් පදක්කම් 04 ක්, රිදී පදක්කම් 03 ක් සහ ලෝකඩ පදක්කම් 02 ක් දිනා ගෙන සමස්ත තරගාවලියේ තෙවන ස්ථානයට පත් වෙමින් අද පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

මෙම තරගාවලිය නොවැම්බර් 01 වැනි දින සිට 05 වැනි දින දක්වා බංග්ලාදේශයේ ඩකා නුවර බංගබන්දු ගෘහස්ථ ක්‍රීඩාංගණයේදියි පැවැත්වුණේ.

මෙම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා සැම්බෝ කණ්ඩායම ආසියානු තරගාවලියට සහභාගී වීම සඳහා සුදුසුකම් ලබා ගත්තා.

ජයග්‍රාහී කණ්ඩායම අද පස්වරු 03.25 ට ඉන්දියාවේ චෙන්නායි සිට ෆිට්ස් එයාර් ගුවන් සේවයේ 8D-834 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි අප ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ.

මොවුන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා සැම්බෝ ෆෙඩරේෂනයේ නිලධාරීන් සහ මෙම ක්‍රීඩකයින්ගේ දෙමාපියන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත එක් ව සිටියා.

20231107 162809 scaled
20231107 162814 scaled
20231107 163024 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?