ශ්‍රී ලංකාවේ සැම්බෝවරුන්ට දකුණු ආසියාවෙන් තුන්වැනි තැන (ඡායාරූප)

දෙවන දකුණු ආසියානු සැම්බෝ (Sambo) සටන් කලා ශූරතා තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළ 08 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම රන් පදක්කම් 04 ක්, රිදී පදක්කම් 03 ක් සහ ලෝකඩ පදක්කම් 02 ක් දිනා ගෙන සමස්ත තරගාවලියේ තෙවන ස්ථානයට පත් වෙමින් අද පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

මෙම තරගාවලිය නොවැම්බර් 01 වැනි දින සිට 05 වැනි දින දක්වා බංග්ලාදේශයේ ඩකා නුවර බංගබන්දු ගෘහස්ථ ක්‍රීඩාංගණයේදියි පැවැත්වුණේ.

මෙම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා සැම්බෝ කණ්ඩායම ආසියානු තරගාවලියට සහභාගී වීම සඳහා සුදුසුකම් ලබා ගත්තා.

ජයග්‍රාහී කණ්ඩායම අද පස්වරු 03.25 ට ඉන්දියාවේ චෙන්නායි සිට ෆිට්ස් එයාර් ගුවන් සේවයේ 8D-834 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි අප ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ.

මොවුන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා සැම්බෝ ෆෙඩරේෂනයේ නිලධාරීන් සහ මෙම ක්‍රීඩකයින්ගේ දෙමාපියන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත එක් ව සිටියා.

20231107 162809 scaled
20231107 162814 scaled
20231107 163024 scaled


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14