AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකාවේ යෙවාන් ඩේවිඩ් ෆෝමියුලා ධාවනය පථයේ ජය කෙහෙළි නංවයි

ශ්‍රී ලංකා යොවුන් මෝටර් රථ ධාවක යෙවාන් ඩේවිඩ් ඉතාලියේ පැවති යුරෝ ෆෝමියුලා විවෘත මෝටර් රථ ධාවන තරගාවලියේ 08 වන අධියර ජයගැනීමට ඊයේ (19) සමත් වුණා.

සුප්‍රසිද්ධ ෆෝමියුලා වන් ධාවන ශූර රූබන්ස් බැරිචෙලෝගේ පුත් ප්‍රනාන්දු බැරිචෙලෝ ඇතුළු පළපුරුදු ධාවකයින් අභිබවා යමින් ඔහු මෙම ජයග්‍රහණය වාර්තා කිරීම විශේෂත්වයක්.

මෙරට මෝටර් රථ ධාවකයෙක් F3 මෝටර් රථ ධාවන තරගාවලියකට සහභාගී වූ පළමු අවස්ථාව මෙය වන අතර,ශ්‍රී ලංකා මෝටර් රථ ධාවන ඉතිහාසයේ ධවකයෙක් ලැබූ ඉහළම ජයග්‍රහණ මෙය වනවා.

ඉතාලියේ මොන්සා ධාවන පථයේ පැවති මෙම තරගාවලියේ දී ඔහුගේ දක්ෂතා කැපී පෙනුණා.

ජර්මනියේ මොටෝපාර්ක් කණ්ඩායම නියෝජනය කරමින් යෙවාන් ඩේවිඩ් මෙහිදී තරග වැදුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?