ශ්‍රී ලංකාවේ නිල සංචාරය නිරත ජපාන ආරක්ෂක ඇමති ආරක්ෂක අමාත්‍යාංශයට

ද්විපාර්ශ්වික ආරක්‍ෂක සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන ජපාන ආරක්‍ෂක අමාත්‍ය ජෙන් නකටානි අද (04) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත පැමිණියා.

ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයට පැමිණි ජපාන ආරක්‍ෂක අමාත්‍යවරයා වෙත ත්‍රිවිධ හමුදා උත්තමාචාරයක් පුද කිරීමෙන් අනතුරුව ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබුවා.

ඉන් අනතුරුව පැවති සාකච්ඡාවලදී, ජපානය සහ ශ්‍රී ලංකාව අතර ආරක්ෂක සබඳතා ශක්තිමත් කිරීම සහ සහයෝගීතාව වර්ධනය කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්, පවත්නා ද්විපාර්ශ්වික සබඳතා තවත් ශක්තිමත් කිරීම පිළිබඳව දෙපාර්ශ්වයම අවධාරණය කළා.

ආපදා කළමනාකරණය, දේශසීමා හරහා සිදුවන මිනිස් ජාවාරම වැළැක්වීම සහ සාගර කලාප ආශ්‍රිතව රාජ්‍ය නොවන ක්‍රියාකාරීන්ගේ නීති විරෝධී මෙහෙයුම්වලට එරෙහිව සටන් කිරීම වැනි තීරණාත්මක ක්ෂේත්‍රවල සහයෝගීතාවයේ වැදගත්කම අවධාරණය කෙරුණා.

ඒකාබද්ධ ප්‍රයත්නයන් තුළින් සාමය සහ සමෘද්ධිය ප්‍රවර්ධනය කරමින්, වඩාත් ආරක්‍ෂිත සහ ස්ථාවර ඉන්දියානු සාගර කලාපයක් පවත්වා ගැනීම සඳහා වන ඔවුන්ගේ පොදු දැක්ම පිළිබඳව ද එහිදී අවධාරණය කළා.

ආරක්‍ෂක ක්ෂේත්‍රයේ සහ ආපදා කළමනාකරණ හා සම්බන්ධ මුලපිරීම් සඳහා එක්ව කටයුතු කිරීමට මෙන්ම, ඒකාබද්ධ පුහුණුවීම් සහ අභ්‍යාස සඳහා පවතින අවස්ථා ගවේෂණය කිරීමට මෙන්ම තොරතුරු බෙදා ගැනීමට දෙරටේම කැපවීම මෙම හමුවේ දී අවධාරණය කෙරුණා.

මෙරට ක්‍රියාත්මක ආපදා අවදානම් කළමනාකරණය, වෙරළාරක්‍ෂක මෙහෙයුම් සහ පුහුණු අවස්ථා සඳහා ජපානයේ දිගුකාලීන සහ අඛණ්ඩ සහයෝගීතාව පිළිබඳ ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරල් ජයසේකර සිය කෘතඥතාව පළ කළා.

ශ්‍රී ලංකාවේ සමුද්‍රීය නිරීක්‍ෂණ කටයුතු, කාලගුණ විද්‍යා වෙනස්වීම් පිළිබඳ දැනුවත් කිරීම සහ වෙරළාරක්‍ෂක මෙහෙයුම් වැඩිදියුණු කිරීම සඳහා ජපානය විසින් ලබාදෙන සහාය ද ඔහු විශේෂයෙන් අගය කර සිටියා.

පසුව ජපාන ආරක්ෂක අමාත්‍යවරයා ඇතුළු දූත පිරිස බොරැල්ල සුසාන භූමියට ගොස් දෙවන ලෝක යුද්ධයේ දී මෙරට දී මියගිය ජපන් ජාතිකයන් සැමරීම සඳහා එහි පිහිටුවා ඇති ස්මාරකය අසලදී පුෂ්පෝපහාර දැක්වූවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?