ශ්‍රී ලංකාවේ ණය ගැන G7 රටවල් කතා කරයි

යුක්‍රේනයට එරෙහි රුසියාවේ ආක්‍රමණශීලී යුද්ධයෙන් සහ පුළුල් ගෝලීය අභියෝගවලින් අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල් අසමාන ලෙස පීඩාවට පත්ව සිටීම පිළිබඳ අවදානය යොමුවී ඇතැයි G7 රටවල නායකයින් පවසනවා.

ප්‍රංශය, ඉන්දියාව සහ ජපානය ශ්‍රී ලංකාව වෙනුවෙන් ණය හිමියන්ගේ රැස්වීමක් ආරම්භ කිරීම අගය කරන බවයි ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ.

ණය පියවීම සඳහා අනාගත බහුපාර්ශ්වික ප්‍රයත්නයන් සඳහා සාර්ථක ආදර්ශයක් ලෙස කඩිනම් විසඳුමක් අපේක්ෂා කරන බව ද G7 රටවල නායකයින් සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණ දී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් ජපානයේදී පැවැත්වෙන G7 සමුළුවේදී අවධානය යොමු වූ අතර G7 නායකයින් පෙන්වා දී ඇත්තේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ණයහිමියන්ගේ සාකච්ඡා මෙහෙයවීම අගය කරන බවයි.

මධ්‍යම ආදායම් ලබන රටවල ණය අවශ්‍යතා නැවත අවධාරණය කරන අතර ණය සේවා අත්හිටුවීම ඉක්මවා ණය සඳහා වන පොදු රාමුව ක්‍රියාත්මක කිරීම වැඩි දියුණු කිරීමට G20 රටවල් දරන උත්සාහයට පූර්ණ සහය දෙන බව ද ඔවුන් සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
3
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39


?