ශ්‍රී ලංකාවේ ‘චබාද් නිවාස’ පිහිටුවීම ගැන විමසීමක්

චබාද් නිවාසවල ක්‍රියාකාරිත්වය සහ ඒ හා සබැඳි මෙරට ආරක්ෂාව සම්බන්ධ ගැටලු පිළිබඳව පවතින වත්මන් සංවාදය සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකාවේ ‘චබාද් නිවාස’ ස්ථාපිත කිරීම සහ ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විසින් අනුගමනය කරන ලද ප්‍රතිපත්තිය පිළිබඳව ආර්ථික සංවර්ධන සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව විසින් පසුගියදා විමසීමක් කරනු ලැබුවා.

ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රීනී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍රගේ සභාපතීත්වයෙන් එම කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේදීයි.

එහිදී ප්‍රතිචාර දක්වමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ නිලධාරීන් පැවසුවේ ‘චබාද් නිවාස’ 05න් 02ක් සමාගම් පනත යටතේ ලියාපදිංචි කර ඇති බවයි.

සංචාරකයින්ගේ වියදම් කිරීමේ හැකියාව පිළිබඳව විමසීමේදී නිලධාරීන් පැවසුවේ, සාමාන්‍යයෙන් ගණනය කළ හැකි වුවද, සංචාරකයින්ගේ ජාතිකත්වයන් මත පදනම්ව වියදම් කිරීමේ ප්‍රමාණයන් ගණනය කිරීමට යාන්ත්‍රණයක් නොමැති බවයි.

කෙසේ වෙතත්, අමාත්‍යාංශ නිලධාරීන් ප්‍රකාශ කළේ සාමාන්‍ය ඊශ්‍රායල සංචාරකයෙකු දළ වශයෙන් ඩොලර් 150ක් පමණ වියදම් කරන බවත් එය සංසන්දනාත්මක ඉහළ අගයක් බවත්යි.

ඒ, පිළිබඳ වාර්තාවක් කාරක සභාවට ඉදිරිපත් කරන ලෙස කාරක සභා සභාපතිවරිය මෙහිදී නිර්දේශ කළා.

තවද, සයිප්‍රසයේ සේවය කරන සේවකයින්ගේ වැටුප්වලින් සමාජ ආරක්ෂණ අරමුදල සඳහා අඩුකර ඇති මුදල් පිළිබඳව කාරක සභාවේ අවධානය යොමු වුණා.

ඒ, අනුව එම මුදල් නැවත සේවකයින්ට ආපසු ලබාදීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සාකච්ඡාවක් පැවැත්වීමටත් මෙහිදී තීරණය වුණා.

ජාත්‍යන්තර මට්ටමේ අර්බුදකාරී තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි අවදානමකට සාර්ථක ලෙස ප්‍රතිචාර දැක්වීමට මෙරට තුළ ඇති සූදානම පිළිබඳව ද කාරක සභාවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වුණා.

ඒ අනුව මැද පෙරදිග ඇති වන අර්බුදකාරී තත්ත්වය සහ ඉන් ඇතිවිය හැකි ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු කෙරුණා.

එමෙන්ම 2023 වර්ෂය සඳහා මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව, 2023 වර්ෂය සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව සහ 2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා විදේශ රැකියා කාර්යාංශයේ වාර්ෂික වාර්තාව ද කමිටුව විසින් සලකා බලා අනුමත කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආනයනය සඳහා පනවපු සෙස් බද්ද අප්‍රේල් ඉවත් කරනවද ?.. අප්‍රේල් 01, බද්ද 100% ඉවත් කරන්නේ නෑ
05:15
Video thumbnail
භාණ්ඩ සඟවගෙන ඉන්න අයට වැඩ වරදියි..පාරිභෝගික අධිකාරියෙන් විශේෂ වැඩළිවෙලක්
02:56
Video thumbnail
අනුරාධපුර ඉන්ධන බවුසර් හිමියන් වැඩ වර්ජනයක.."බොසාලා කිව්වා තෙල් අදින එක නවත්තන්න කියලා"
03:50
Video thumbnail
ටැංකි රථකරුවක් ඉන්ධන බෙදාහැරීම නවත්වයිද ?..සාධනීය පිළිතුරක් නැති වුණොත් තීරණයක් ගන්නවා
05:23
Video thumbnail
කොටියෙකු නිසා හිමිනමක් අපවත් වූ සිද්ධිය ගැන කරුණු රැසක් එළියට.."ලෙනට අපහසුවෙන් බඩගාගෙන ගිහින්"
05:36
Video thumbnail
වැටලීමකින් අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙක් අතේ මාට්ටු
00:31
Video thumbnail
පොලිස් වැටලීමකින් අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙක් අතේ මාට්ටු..ෆුල් Search එකක් දෙන හැටි
00:53
Video thumbnail
ජනතාව දැන් ආණ්ඩුවට යුද ප්‍රකාශ කරලා තියෙන්නේ..සිංහල අලුත් අවුරුද්ද කන්න නෙවෙයි ලෙවකන්න වෙලා..
03:45
Video thumbnail
ත්‍රීවිල් රථයක පාපැදියක් ගැටී පාපැදිකරු එතනම එළොව යයි
00:35
Video thumbnail
අහිංසකයින්ට බදු ගහලා ඒකෙන් ඉන්ධන ගෙනත් විශාල ජාවාරමක් කළා..බොරුවෙන් රජ එක නවත්වන්න
04:03