AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකාවේ කුළුබඩු ගැන චීනයේ අවධානය

ශ්‍රී ලංකාවේ කුළුබඩු මිලදී ගැනීම පිළිබඳ චීනයේ විශේෂ අවධානයක් යොමුවී තිබෙනවා.

මෙරට නිෂ්පාදනය කරනු ලබන ගම්මිරිස්, එනසාල්, කරාබු නැටි, කහ, කුරුඳු වැනි කුළුබඩු මිල දී ගැනීම සම්බන්ධව සාකච්ඡා කිරීමට මේ දිනවල විශේෂ චීන වෙළෙඳ නියෝජිත පිරිසක් අපේ රටේ සංචාරයක නිරතව සිටිනවා.

චීන කුළුබඩු ආනයනකරුවන්ගේ සංගමයට අයත් ආයතන 42ක නියෝජිතයෝ ඊට එක්ව සිටින බව සඳහන්.

50 දෙනෙකුගෙන් සමන්විත එම නියෝජිත පිරිස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරින් සමඟ ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කෙරෙන කුළුබඩු සම්බන්ධව සාකච්ඡාවක නිරත වී තිබෙනවා.

ශ්‍රී ලංකාවට පැමිණ ඇති චීන වෙළෙඳ නියෝජිත පිරිස එරට කුළුබඩු අලෙවි කරන සමාගම් 42ක නියෝජිත පිරිසක් බව සඳහන්.

එම චීන සමාගම් දැනට වසර දෙකක කාලයක් තිස්සේ කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන මණ්ඩලය විසින් නිෂ්පාදනය කෙරෙන කුළුබඩු මිල දී ගන්නා සමාගම් වනවා.

මෙම කටයුතු සඳහා වසර දෙකක් සපිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ කුළුබඩු නිෂ්පාදන ක්‍රියාවලිය දැක බලා ගැනීම සඳහායි එම පිරිස මෙරටට පැමිණ ඇත්තේ.

ඊයේ (21) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ දී පැවැති රැස්වීමේ දී මෙරට කුළුබඩු සම්බන්ධව අදහස් පළ කළ චීන නියෝජිත පිරිස ශ්‍රී ලංකාවේ කුළුබඩු ලෝකයේ උසස්ම කුළුබඩු ලෙස නම් කළ හැකි බව සඳහන් කර තිබෙනවා.

විශේෂයෙන් ශ්‍රී ලංකාවේ කුළුබඩුවල නිෂ්පාදන තත්ත්වය තවදුරටත් ඉහළ දැමීමට පියවර ගත යුතු අතර අවශ්‍ය නම් ඒ සඳහා සියලු සහයෝගය ලබා දීමට සිය සමාගම් සුදානම් බවයි ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ.

මේ අතර එම නියෝජිත පිරිස ඊයේ (21) බත්තරමුල්ල කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයට ගොස් එහි ප්‍රධාන අලෙවි සැල නිරීක්ෂණයට ද එක්වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
01:53:41
Video thumbnail
ඉතිහාසයේ පළමු වතාවට සහෝදරයෙක් ජනාධිපති වෙලා ඉන්නවා
05:10
Video thumbnail
JVP කරන්නේ සංවේදී අය - අපි ප්‍රේමණීය මිනිස්සු
04:52
Video thumbnail
JR ජයවර්ධන සමයේ බිහිසුණු අත්දැකීම් ටිල්වින් එකින් එක හෙළි කරයි - "ඒ අය කරපු දේවල් අපේ මත පැටෙව්වා"
02:21
Video thumbnail
UNPයේ කවුරුත් නොදන්න නිරුවත ටිල්වින් හෙළි කරයි - "83 ජූලි කලබල ඇතිකළේ මේ අය" #unp #tilvinsilva
01:33
Video thumbnail
ටිල්වින් සිල්වා ඇත්තටම ටිල්වින්ද ? සුසිල්ද ? - කවුද මේ ටිල්වින් කියන සුසිල් #npp #jvp #tilvinsilva
02:10
Video thumbnail
රට පුරා වෙළඳසැල්වල හෙට සිට නාඩු - මෙන්න ජනාධිපති දුන්න උපදෙස #anurakumaradissanayake
01:56
Video thumbnail
ලබන වසරේ සිට බඩ ඉරිඟු ආනයනය සීමා කරමින් දේශීය නිශ්පාදන වලට මුල්තැන දෙනවා
01:16
Video thumbnail
ඉන්දීය මහ කොමසාරිස්වරයා සහ ජනාධිපති ලේකම් අතර හමුවක්
00:50
Video thumbnail
චීන නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී සහ ජනාධිපති ලේකම්වරයා අතර හමුවක්
00:54

?