ශ්‍රී ලංකාවේ ආර්ථික දැක්ම ජනපති ඉන්දීය සමාගම් ප්‍රධානීන්ට පහදයි (වීඩියෝ)

තිරසාර ආර්ථික වර්ධනයට දායක වන ප්‍රධාන අභියෝග රැසක් සාර්ථකව ජයගැනීමට ශ්‍රී ලංකාවට හැකි වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ඉන්දීය කර්මාන්ත සමූහය (CII) සහ ලෝක ආර්ථික සමුළුව විසින් ස්විස්ටර්ලන්තයේ දී සංවිධානය කරන ලද වටමේස සාකච්ඡාවට සහභාගී වෙමින්.

මෙහිදී ශ්‍රී ලංකාවේ පුළුල් ආර්ථික දැක්ම පැහැදිලි කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ, සැපයුම් සඳහා පැවති අවහිරතා සාර්ථකව විසඳා ගැනීම, ආනයන සීමා ඉවත් කිරීම සහ විදේශ විනිමය ද්‍රවශීලතාවය යථා තත්වයට පත් කර ගැනීම ඇතුළු පියවර රැසක් තුළින් පැවති අභියෝග කෙටි කාලයක් තුළ ජය ගැනීමට හැකි වූ බවයි .

ශ්‍රී ලංකාව සිය වෙළඳ ගිවිසුම් ක්‍රියාකාරීව පුළුල් කරමින් සිටින බවත් ඒ අනුව මෑතකදී ශ්‍රී ලංකාව සිංගප්පූරුව සමඟ විස්තීර්ණ නිදහස් වෙළඳ ගිවිසුමකට එළැඹුණු අතර පෙබරවාරි මාසයේදී තායිලන්තය සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළැඹීමට නියමිත බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කර තිබෙනවා.

මීට අමතරව නිදහස් වෙළඳ ගිවිසුම් ඇති කර ගැනීම වෙනුවෙන් ඉන්දියාව, චීනය සහ අග්නිදිග ආසියාතික රටවල් සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් ඒ තුළින් ගෝලීය ආර්ථික ඒකාබද්ධතාවය වෙනුවෙන් ශ්‍රී ලංකාව කැපවී සිටින බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.

ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා මෙන්ම රාජ්‍ය ව්‍යවසායන් තුළ පෞද්ගලික ආයෝජනය සිදු කරන ලෙස ආරාධනා කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ, මූල්‍ය සේවා සහ බලශක්තිය වැනි ප්‍රධාන අංශවලද ආයෝජන අවස්ථා පවතින බව සඳහන් කර තිබෙනවා.

වෙරළාසන්නයේ පවතින සුළං බලශක්තිය මෙන්ම සූර්ය බලශක්තිය කෙරෙහි අවධානය යොමු කරමින් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා ඉන්දියාව සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් තිරසාර බලශක්ති විසඳුම් සඳහා ශ්‍රී ලංකාව අවධානය යොමු කර ඇති බව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දෙනු ලැබුවා.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අධි ධාරිතාවයෙන් යුතු ද්වි දිශා විදුලි සම්බන්ධතාවයක් ඇතිකිරීම සඳහා එකඟතාවක් පවතින බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.

ඉන්දියාව සමඟ භාණ්ඩ හා සේවා සම්බන්ධ වෙළඳාම, රේගු සහයෝගිතාව මෙන්ම වෙළඳ පහසුකම් සැලසීම පිළිබඳ සැලසුම් ඉදිරිපත් කරමින් දෙරට අතර ද්විපාර්ශ්වික වෙළඳාම සහ ආර්ථික කටයුතු තවදුරටත් පුළුල් කරගැනීම සඳහා කටයුතු සිදුකෙරෙමින් පවතින බවයි ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේ.

තාක්ෂණික සහයෝගිතාවය මෙන්ම වෙළෙඳ ගනුදෙනු සඳහා ඉන්දීය රුපියල භාවිතා කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම තුළින් ආර්ථික සබඳතා ශක්තිමත් කරගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කර ඇති බව පැවසූ ජනාධිපතිවරයා අධ්‍යාපනික හා සංස්කෘතික සහයෝගීතාවය වර්ධනය කිරීම මෙන්ම සංචාරක ව්‍යාපාරය සහ සමාජීය වශයෙන් ද දෙරට අතර සම්බන්ධතාව වැඩිදියුණු කරගැනීම ශ්‍රී ලංකාවේ අපේක්ෂාව බව පෙන්වා දී තිබෙනවා.

ඉන්දියාවේ විවිධ ක්ෂේත්‍රවලට අයත් ප්‍රමුඛ පෙළේ සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන් සමඟ පැවති මෙම වටමේස සාකච්ඡාවේදී, සැපයුම් දාමවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, සෞඛ්‍ය සේවා, පාරිභෝගික නිෂ්පාදන, විදුලි සංදේශ සේවා සහ හරිත බලශක්තිය වැනි ක්ෂේත්‍රයන්හි පවතින ආයෝජන අවස්ථා පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්වුණා.

විවිධ ආයෝජන සඳහා සුදුසුම ස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව මෙහිදී ස්ථානගත වූ අතර ඩිජිටල් තාක්ෂණය තුළ පවතින වැදගත් අවස්ථා මෙන්ම, යටිතල පහසුකම් කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සඳහා ද සහයෝගයෙන් කටයුතු කිරීමේ හැකියාව පවතින බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම සාකච්ඡාවේදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?