AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකාවෙන් පැමිණි ISIS ත්‍රස්තවාදීන් 04ක් ඉන්දියාවේ දී අල්ලයි

ශ්‍රී ලංකාවෙන් පැමිණි බවට සැකකෙරෙන ISIS ත්‍රස්තවාදීන් සිව්දෙනෙක් ඉන්දියාවේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගුජරාට් ත්‍රස්ත මර්දන ඒකකය විසින් අහමදාබාද් ගුවන්තොටුපොළට පැමිණීමේ දී එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ගුජරාට් ආරක්ෂක අංශ විසින් සැකකරුවන් දැඩි ලෙස ප්‍රශ්න කිරීම සඳහා හෙළි නොකළ ස්ථානයකට ගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රාදේශීය මාධ්‍ය වාර්තාවලට අනුව ඔවුන් පාකිස්තාන හසුරුවන්නන් සමඟ සම්බන්ධතා පවත්වා ඇති බවට ද වාර්තා වනවා.

මේ අතර ගුවන් තොටුපොළ පුරා ආරක්ෂාව තර කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
2
+1
2
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?