ශ්‍රී ලංකාවට IMF සහාය ලැබෙන්නේ මෙහෙමයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ශ්‍රි ලංකාවට ලබාදීමට නම් ආර්ථිකය ප්‍රතිව්‍යූහගත කිරීමේ නව වැඩපිළිවෙල සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයක් තිබිය යුතු බවත් එවැනි තත්වයක් තුල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාදිය හැකි බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජීවා මහත්මිය පවසයි.

ඉන්දියාවේ එන්.ඩී.ටී.වී රූපවාහිනී නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාරී අධ්‍යක්ෂවරිය මෙම අදහස් පළකර තිබේ. පවතින ආර්ථික අර්බුදයත් සමග ඇති වී ඇති තත්ත්වය දැකීමෙන් සිය හදවත බිදී ගොස් ඇති බව පෙන්වාදෙන ක්‍රිස්ටලීනා ජෝර්ජීවා පවසන්නේ වැරදි කළමනාකරණයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ ආර්ථිකය බිඳවැටී ඇති බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?