AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකාවට ලකුණු 83ක ඉලක්කයක්

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන T20 තරගාවලියේ ජය හිමි කර ගැනීම වෙනුවෙන් තීරණාත්මක අවසන් තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට ලකුණු 83ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තුන්වන T20 තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක වනිඳු හසරංගගේ ඇරයුමෙන් පළමුවෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 14යි පන්දු 1ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 82ක් රැස් කළා.

වනිඳු හසරංග ලකුණු 15කට කඩුලු 4ක්, මහිෂ් තීක්ෂණ සහ ඇන්ජෙලෝ මැතිව්ස් කඩුලු 2ක් බැගින් බිඳහෙලුවා.

තරග 3කින් සමන්විත T20 තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළ අතර දෙවන තරගය ජය ගත්තේ සිම්බාබ්වේ කණ්ඩායමයි.

එබැවින් තරගාවලිය ජය ගැනීම සඳහා මෙම අවසන් තරගය දෙරටටම අතිශයින් වැදගත් වනු ඇති.

අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමෙන් අසනීප තත්ත්වයක් හමුවේ චරිත් අසලංක ඉවත් කර ඇති අතර ඒ වෙනුවට කමිඳු මෙන්ඩිස් කණ්ඩායමට කැඳවා තිබෙනවා. කුසල් ජනිත් පෙරේරා වෙනුවට ධනංජය ද සිල්වා කණ්ඩායමට කැඳවා තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පිළිතුරු ඉනිම ආරම්භ වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?