ශ්‍රී ලංකාවට ලකුණු 252ක ඉලක්කයක්

ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට පිවිසීමේ අවස්ථාව ලබා ගැනීම සඳහා පාකිස්ථානය පරාජයට පත් කිරීමට ශ්‍රී ලංකාවට ලකුණු 252ක ඉලක්කයක් හිමිවී තිබෙනවා. ඒ ඩක්වත් ලුවිස් න්‍යාය අනුවයි.

තරගය පැවැත්වෙන්නේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීයි.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්ථානය නියමිත පන්දුවාර 42 අවසානයේ කඩුලු 7ක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 252ක්.

මෙම තරගය අද පස්වරු 3ට ආරම්භ කිරීමට නියමිතව තිබුණ ද පැවති වර්ෂාව හේතුවෙන් එය ආරම්භ කෙරුණේ පස්වරු 5.15ටයි.

එක් කණ්ඩායමකට පන්දුවාර 45 බැගින් ලබාදී තරගය පවත්වාගෙන යාමට තීරණය කර තරගය ආරම්භ කළ ද 27 වන පන්දු වාරයේදී යළිත් තරගයට වර්ෂාවෙන් බාධා මතුවුණා.

එහිදී තාවකාලිකව නතර කරනු ලැබූ පාකිස්ථාන ඉනිම යළිත් ආරම්භ කරනු ලැබුවේ එක් කණ්ඩායමකට පන්දුවාර 42ක් බැගින් ලබා දීමට තීරණය කරමිනුයි.

ඒ අනුව පන්දුවට පහරදුන් පාකිස්ථානය තම පන්දුවාර 42 අවසන් වන විට කඩුලු 7ක් දැවී ලකුණු 252ක් රැස් කරගෙන සිටියා.

Abdullah Shafique ලකුණු 52යි. නායක Babar Azam ලකුණු 29කට දැවී ගියා. Iftikhar Ahmed 47යි. Mohammad Rizwan නොදැවී ලකුණු 86ක් ලබා ගත්තේ හතරේ පහර 6ක් සහ 6 පහර 2ක් සමගින්.

පාකිස්ථාන කණ්ඩායමේ කඩුලු 3ක් බිඳහෙලීමට මතීෂ පතිරණ සමත්වුණා. ප්‍රමෝද් මදුෂාන් කඩුලු 2යි.

ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම තවත් සුලු වේලාවකින් ආරම්භ වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?