ශ්‍රී ලංකාවට ලකුණු 252ක ඉලක්කයක්

ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට පිවිසීමේ අවස්ථාව ලබා ගැනීම සඳහා පාකිස්ථානය පරාජයට පත් කිරීමට ශ්‍රී ලංකාවට ලකුණු 252ක ඉලක්කයක් හිමිවී තිබෙනවා. ඒ ඩක්වත් ලුවිස් න්‍යාය අනුවයි.

තරගය පැවැත්වෙන්නේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීයි.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්ථානය නියමිත පන්දුවාර 42 අවසානයේ කඩුලු 7ක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 252ක්.

මෙම තරගය අද පස්වරු 3ට ආරම්භ කිරීමට නියමිතව තිබුණ ද පැවති වර්ෂාව හේතුවෙන් එය ආරම්භ කෙරුණේ පස්වරු 5.15ටයි.

එක් කණ්ඩායමකට පන්දුවාර 45 බැගින් ලබාදී තරගය පවත්වාගෙන යාමට තීරණය කර තරගය ආරම්භ කළ ද 27 වන පන්දු වාරයේදී යළිත් තරගයට වර්ෂාවෙන් බාධා මතුවුණා.

එහිදී තාවකාලිකව නතර කරනු ලැබූ පාකිස්ථාන ඉනිම යළිත් ආරම්භ කරනු ලැබුවේ එක් කණ්ඩායමකට පන්දුවාර 42ක් බැගින් ලබා දීමට තීරණය කරමිනුයි.

ඒ අනුව පන්දුවට පහරදුන් පාකිස්ථානය තම පන්දුවාර 42 අවසන් වන විට කඩුලු 7ක් දැවී ලකුණු 252ක් රැස් කරගෙන සිටියා.

Abdullah Shafique ලකුණු 52යි. නායක Babar Azam ලකුණු 29කට දැවී ගියා. Iftikhar Ahmed 47යි. Mohammad Rizwan නොදැවී ලකුණු 86ක් ලබා ගත්තේ හතරේ පහර 6ක් සහ 6 පහර 2ක් සමගින්.

පාකිස්ථාන කණ්ඩායමේ කඩුලු 3ක් බිඳහෙලීමට මතීෂ පතිරණ සමත්වුණා. ප්‍රමෝද් මදුෂාන් කඩුලු 2යි.

ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම තවත් සුලු වේලාවකින් ආරම්භ වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26