AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලියට නවසීලන්ත සංචිතය නම් කරයි

එළෙඹෙන සැප්තැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් සංචිතය මේ වනවිට නම්කර තිබෙනවා.

ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත එම සංචිතයේ නායකත්වය සඳහා ටිම් සවුති නම්කර තිබෙනවා.

ටොම් ලේතම්, කේන් විලියම්සන්, ටොම් බ්ලුන්ඩෙල්, මයිකල් බ්‍රෙස්වල්, ග්ලෙන් පිලිප්ස්, ඩෙවොන් කොන්වේ, මැට් හෙන්රි, ඩැරීල් මිචල්, විල් ඕ’ රූක්, අජාස් පටෙල්, රචින් රවින්ද්‍රා, මිචෙල් සැන්ටර්, බෙන් සියර්ස් සහ විල් යං එම සංචිතයේ අනෙකුත් ක්‍රීඩකයින් වනවා.

සැප්තැම්බර් 18 වනදා පළමු ටෙස්ට් තරගය ආරම්භ වන අතර 26 වනදා දෙවන තරගය ආරම්භ වනවා

මෙම ටෙස්ට් තරග දෙකම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ මෙම තරගාවලිය පැවැත් වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?