ශ්‍රී ලංකාවට එන පාකිස්ථාන සංචිතය නම් කරයි

ශ්‍රී ලංකා කණ්ඩායම සමග ලබන ජූලි මාසයේදී පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා පාකිස්තානය ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගයකදී දණහිසේ ආබාධයකට ලක් වූ 2022 වසරේ ජූලි මාසයේදී අවසන් වරට ක්‍රීඩා කළ වේග පන්දු යවන ක්‍රීඩක ෂහීන් අෆ්රිඩි නැවත මෙම සංචිතයට කැඳවා තිබීම විශේෂත්වයක්.

පාකිස්තානය මෙතෙක් කණ්ඩායමට නම් නොකළ ක්‍රීඩකයන් දෙදෙනකු ද මෙම සංචිතයට ඇතුළත් කිරීමට තීරණය කර ඇති අතර ඔවුන් දෙදෙනා වන්නේ පිතිකරු මොහොමඩ් හුරෙයිරා සහ තුන් ඉරියව් ක්‍රීඩක අමීර් ජමාල්.

බාබර් අසාම් විසින් සංචිතය මෙහෙයවනු ලබන අතර මොහොමඩ් රිස්වාන්, අබ්දුල්ලා ෂෆීක්, ඉමාම් උල් හක්, හසන් අලි සහ නසීම් ෂා ද ඊට ඇතුලත්.

ක්‍රිකට් වාර්තා පෙන්වා දෙන්නේ වේග පන්දු යවන ක්‍රීඩක අෆ්රිඩි ටෙස්ට් පිටියට නැවත පැමිණීම කණ්ඩායමට දැඩි වාසි සහගත තත්වයක් වනු ඇති බවයි.

ඔහු ප්‍රකාශ කර ඇත්තේ වසරකට පසු පාකිස්තාන ටෙස්ට් කණ්ඩායමට නැවත එක්වීම පිළිබඳ ඉතා සතුටට පත්වන බවයි.

ශ්‍රී ලංකාවේදී සිදුවූ ආබාධයකින් පසු ටෙස්ට් පිටියෙන් ඉවත් වී නැවතත් ශ්‍රී ලංකාවේදීම යළිත් පිටියට පිවිසීම සතුටට කරුණක් බව ද ඔහු පෙන්වා දෙනවා.

එමෙන්ම මෙම තරගාවලියේදී තමාගේ ටෙස්ට් කඩුලු සියය සම්පූර්ණ කර ගැනීමට ද බලාපොරොත්තු වන බවයි සුපිරි පන්දු යවන්නා ප්‍රකාශ කළේ.

ෂහීන් මේ වන විට ටෙස්ට් තරග 25 කදී කඩුලු 99 ක් දවාගෙන ඇති අතර එහි සාමාන්‍ය 24.86 ක්.

පාකිස්තානය ජූලි 9 වැනිදා ශ්‍රී ලංකාව බලා පිටත්වීමට පෙර සූදානම් වීම සඳහා ජූලි 3 වැනිදා කරච්චි නුවරට රැස්වන අතර තරග සංචාරයේ කාලසටහන ඉක්මනින් ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂිතයි.

පකිස්ථාන සංචිතය: බබාර් අසාම්, මොහොමඩ් රිස්වාන්, අමීර් ජමාල්, අබ්දුල්ලා ෂෆීක්, අබ්රාර් අහමඩ්, හසන් අලි, ඉමාම්-උල්-හක්, මොහොමඩ් හුරෙයිරා, මොහොමඩ් නවාස්, නසීම් ෂා, නොමන් අලි, සල්මන් අලි අගා, සෆ්රාස් අහමඩ්, සවුද් ශකීල්, ෂහීන් අෆ්රිඩි සහ ශාන් මසූඩ් සංචිතයේ සාමාජිකයන් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
2
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?