ශ්‍රී ලංකාවට එන පාකිස්ථාන සංචිතය නම් කරයි

ශ්‍රී ලංකා කණ්ඩායම සමග ලබන ජූලි මාසයේදී පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා පාකිස්තානය ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගයකදී දණහිසේ ආබාධයකට ලක් වූ 2022 වසරේ ජූලි මාසයේදී අවසන් වරට ක්‍රීඩා කළ වේග පන්දු යවන ක්‍රීඩක ෂහීන් අෆ්රිඩි නැවත මෙම සංචිතයට කැඳවා තිබීම විශේෂත්වයක්.

පාකිස්තානය මෙතෙක් කණ්ඩායමට නම් නොකළ ක්‍රීඩකයන් දෙදෙනකු ද මෙම සංචිතයට ඇතුළත් කිරීමට තීරණය කර ඇති අතර ඔවුන් දෙදෙනා වන්නේ පිතිකරු මොහොමඩ් හුරෙයිරා සහ තුන් ඉරියව් ක්‍රීඩක අමීර් ජමාල්.

බාබර් අසාම් විසින් සංචිතය මෙහෙයවනු ලබන අතර මොහොමඩ් රිස්වාන්, අබ්දුල්ලා ෂෆීක්, ඉමාම් උල් හක්, හසන් අලි සහ නසීම් ෂා ද ඊට ඇතුලත්.

ක්‍රිකට් වාර්තා පෙන්වා දෙන්නේ වේග පන්දු යවන ක්‍රීඩක අෆ්රිඩි ටෙස්ට් පිටියට නැවත පැමිණීම කණ්ඩායමට දැඩි වාසි සහගත තත්වයක් වනු ඇති බවයි.

ඔහු ප්‍රකාශ කර ඇත්තේ වසරකට පසු පාකිස්තාන ටෙස්ට් කණ්ඩායමට නැවත එක්වීම පිළිබඳ ඉතා සතුටට පත්වන බවයි.

ශ්‍රී ලංකාවේදී සිදුවූ ආබාධයකින් පසු ටෙස්ට් පිටියෙන් ඉවත් වී නැවතත් ශ්‍රී ලංකාවේදීම යළිත් පිටියට පිවිසීම සතුටට කරුණක් බව ද ඔහු පෙන්වා දෙනවා.

එමෙන්ම මෙම තරගාවලියේදී තමාගේ ටෙස්ට් කඩුලු සියය සම්පූර්ණ කර ගැනීමට ද බලාපොරොත්තු වන බවයි සුපිරි පන්දු යවන්නා ප්‍රකාශ කළේ.

ෂහීන් මේ වන විට ටෙස්ට් තරග 25 කදී කඩුලු 99 ක් දවාගෙන ඇති අතර එහි සාමාන්‍ය 24.86 ක්.

පාකිස්තානය ජූලි 9 වැනිදා ශ්‍රී ලංකාව බලා පිටත්වීමට පෙර සූදානම් වීම සඳහා ජූලි 3 වැනිදා කරච්චි නුවරට රැස්වන අතර තරග සංචාරයේ කාලසටහන ඉක්මනින් ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂිතයි.

පකිස්ථාන සංචිතය: බබාර් අසාම්, මොහොමඩ් රිස්වාන්, අමීර් ජමාල්, අබ්දුල්ලා ෂෆීක්, අබ්රාර් අහමඩ්, හසන් අලි, ඉමාම්-උල්-හක්, මොහොමඩ් හුරෙයිරා, මොහොමඩ් නවාස්, නසීම් ෂා, නොමන් අලි, සල්මන් අලි අගා, සෆ්රාස් අහමඩ්, සවුද් ශකීල්, ෂහීන් අෆ්රිඩි සහ ශාන් මසූඩ් සංචිතයේ සාමාජිකයන් වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39