ශ්‍රී ලංකාවට එන අමෙරිකානු සංචාරකයින්ට අනතුරු ඇඟවීමක්

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා සම්බන්ධයෙන් වන ඔවුන්ගේ සංචාරක උපදේශනය යාවත්කාලීන කර තිබෙනවා. මෙය යාවත්කාලීන කිරිමෙන් පසු මෙතෙක් කලක් තර්ජිත මට්ටම සිවු වැනි ස්ථානයේ තිබූ ශ්‍රී ලංකාවේ එම මට්ටම තුන් වැනි ස්ථානය දක්වා ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකාවේ සංචාරය කරන ඇමරිකානු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ, රට තුළ තැන තැන පැවැත්වෙන සිවිල් විරෝධතා, උද්ඝෝෂණ සහ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් සම්බන්ධයෙන් සම්පූර්ණ අවධානයෙන් සිටින ලෙස හා එම ස්ථාන හැකි තරම් මඟහරින ලෙසට යි.

එමෙන් ම මීට පෙර ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ සංචාරක උපදේශන වාර්තාවක දැක්වුණේ, ශ්‍රී ලංකාව තුළ පවතින බරපතළ ආර්ථික කඩා වැටීම හේතුවෙන් සංචාරක පහසුකම් සපයා ගැනීම ඇතුළු තෙල්, ගෑස් ආදී පෝලිම් සම්බන්ධයෙන් ද දැනුම්වත් කර තිබුණා.