කොළඹ වරාය නගරයේ පිහිටි විදේශීය ආයෝජන ආයතන සහ ව්‍යාපාරිකයින් ඉලක්ක කරගනිමින් කප්පම් ලබාගැනීමේ ජාවාරමක නිරත වූ චීනයේ සංවිධානාත්මක අපරාධ කල්ලියකට සම්බන්ධ ප්‍රබල සාමාජිකයෙක් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
චීන ජාතික මෙම සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව තිබී රටවල් කිහිපයකට අයත් ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර 04ක් ද සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.
මෙම සැකකරු කලක සිට මෙරට රැඳී සිටිමින් මොහු විසින් මෙලෙස කප්පම් ලබාගැනීම් සිදුකර ඇති අතර, මේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි කිහිපයක් මත ආරම්භ කර තිබූ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි පොලිසිය සඳහන් කළේ.
