ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හරහා නව ඉන්ධන පිරවුම්හල් 75ක් විවෘත කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
2026 ශ්‍රී ලංකා ආර්ථික සහ ආයෝජන සමුළුවට ඊයේ එක්වෙමින් ජනධිපතිවරයා මේ බව සඳහන් කළා.
පෞද්ගලික අංශ විසින් ඉන්ධන බෙදාහැරීම සීමා කිරීම සහ අසීමිත ලාභ ලැබීමට උත්සාහ කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි ඔහු මෙහිදී සඳහන් කර සිටියේ.
එමෙන්ම යාම හෙයකින් පෞද්ලික අංශය ඉන්ධන බෙදාහැරීම නතර කරන බවට පැවසුවහොත් එම අවදානම ද පවතින බව සඳහන් කළ ජනධිපතිවරයා පෞද්ගලික ඉන්ධන හල් පමණක් ඇති ප්‍රදේශ හඳුනාගෙන එම ප්‍රදේශවල තෙල් සංස්ථාව මඟින් නව ඉන්ධන පිරවුම්හල් විවෘත කිරීම් සිදු කිරීමට කටයුතු කරන වැඩිදුරටත් පැවසුවේ.
“අපි තෙල් සංස්ථාව ශක්තිමත් කරනවා. දැනට අධ්‍යනය කරලා තියෙනවා අලුතින් පෙට්‍රල් ෂෙඩ් 75ක් අලුතින් ආරම්භ කරන්න. හෙට පුද්ගලික අංශය බෙදාහරින්නේ නෑ කිව්වොත් මොකද කරන්නේ. ඒ අවදානම අපිට තියෙනවා. ඒ නිසා අපි අලුතින් ස්ථාන 75ක් තෝරාගෙන පෙට්‍රල් ෂෙඩ් ආරම්භ කරනවා CPC ආයතනය.”
