AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකාවට ඇවිත් ගිය IMF ප්‍රධානියා ධුරයෙන් විශ්‍රාම යයි

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ආසියානු පැසිෆික් දෙපාර්තමේන්තු ප්‍රධානියා වශයෙන් කටයුතු කරනු ලැබූ Changyong Rhee සිය ධුරයෙන් විශ්‍රාම යාමට තීරණය කර තිබෙනවා. ඔහු ඉකුත් සතියේදී ශ්‍රී ලංකාවේ සංචාරයක ද නිරත වූ අතර එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ මුදල් අමාත්‍යවරයා ද හමුවී සාකච්ජා කරනු ලැබුවා.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ආසියානු පැසිෆික් දෙපාර්තමේන්තු ප්‍රධානියා මෙලෙස සිය ධුරයෙන් විශ්‍රාම යෑමට හේතුව වී ඇත්තේ ඔහු දකුණු කොරියානු මහ බැංකුවේ ප්‍රධානියා ලෙසට නම් කිරීමත් සමගයි.

මේ වන විට දකුණු කොරියාවේ ආර්ථිකය තුල ඇතිවී තිබෙන අධික උද්ධමනය සහ පොලි අනුපාතයන් ඉහළ යාම පාලනය කිරීම සඳහා පළපුරුදු නිලධාරියෙකු ගේ සේවය අවශ්‍ය බැවින් මෙලෙස හිටපු IMF ප්‍රධානියාව පත් කිරීමට දකුණු කොරියාව තීරණය කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?