ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව සභාපතිවරයෙක්

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා නව සභාපති ලෙස සරත් ගනේගොඩ මහතා පත්කර තිබෙනවා.

මෙම නව පත් කිරීම ඊයේ (09) දින සිදු කර ඇති බවයි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා නිවේදනයක් මගින් ප්‍රකාශ කර ඇත්තේ.

නව සභාපතිවරයා ඇතුළු තවත් අධ්‍යක්ෂ මණ්ඩලයක් ද ඊට පත් කර තිබෙනවා.

එහි අධ්‍යක්ෂ සාමාජිකයින් ලෙස බුද්ධික හේවාවසම්, සුගත් රාජපක්ෂ, එරංග රොහාන් පීරිස් ගුණතිලක, ඩී.අරන්දර, ආනන්ද අතුකෝරළ, ලක්මාල් රත්නායක සහ නිරංජන් අරුල්ප්‍රගාසම් යන මහත්වරුන් අයත්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
5
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?