AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රීලනිප යේ මහ පුටුව යළිත් මෛත්‍රීට හරස් වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කටයුතු කිරීම වළක්වාලමින් නිකුත් කර තිබෙන වාරණ නියෝගයක් යළි ලබන 19 වැනි දින කැඳවන ලෙස කොළඹ දිසා අධිකරණය නියම කළා.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් මෙම නඩුව ගොනු කරනු ලැබුවා.

එහිදී හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී ඇති නිසා මෙම නඩුකරය ඉල්ලා අස්කර ගැනීම සම්බන්ධයෙන් සලකා බලන ලෙස ඉල්ලා සිටියා.

කෙසේ වෙතත් මෙම පැමිණිල්ල ලබන 19 වැනිදා කැඳවීමට නියෝග කළ අධිකරණය එදින තෙක් මෛත්‍රීපාල සිරිසේන මහතා සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් නිකුත් කර තිබෙන වාරණ නියෝගය දීර්ඝ කරන ලෙසත් නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
3
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?