AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රීලනිපයේ විධායක සභාව අද රැස්වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව සහ සමස්ත ලංකා කාරක සභාව අද (15) රැස්වීමට නියමිතව තිබෙනවා.

එම පක්ෂයේ මූලස්ථානයේ දී මෙම රැස්වීම පැවැත්වීමට නියමිත බවයි වාර්තා වුණේ.

එම පක්ෂයේ කාරක සභාවට දිවයින පුරා සිටින කාරක සභා නියෝජිතයින් 300කට අධික පිරිසක් සහභාගී වීමට නියමිතයි.

අද රැස්වෙන විධායක සභාවේ දී තනතුරු කිහිපයක් සම්මත කර ගැනීමට නියමිත බව එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කළා.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ (14) රැස් වුණා.

මේ සඳහා දැනට එම පක්ෂයෙන් ඉවත්ව ආණ්ඩුවේ ඇමතිවරුන් ලෙස කටයුතු කරන පිරිස ද ඒ සඳහා සහභාගීව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?