ශ්‍රීපාදයේ දී පුද්ගලයෙකු අවසන් ගමන් යයි

මැල්සිරිපුර සිට ශ්‍රිපාදය වන්දනා කිරීමට පැමිණි පුද්ගලයෙකු අද (01) උදැසන හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් මිය ගොස් ඇති බව නල්ලතන්නිය පොලිසිය පවසනවා.

මරණකරු මැල්සිරිපුර ප්‍රදේශයේ සිට ශ්‍රිපාදය වන්දනා කිරීමට පැමිණි වන්දනාකරුවන් අතර සිටි අවුරුදු 73ක් වයසැති එච්. එම්. ගුණතිලක නම් පුද්ගලයෙක්.

මොහු නල්ලතන්නිය ශ්‍රිපාද මාර්ගයේ ඉදිකටුපහන ප්‍රදේශයේ දී හදිසියේ අසනීප වී ඇති අතර, ඔහු ඉදිකටුපහන සිට නල්ලතන්නිය දක්වා රැගෙනවිත් නල්ලතන්නියේ සිට මස්කෙළිය රෝහලට රැගෙන ගොස් තිබෙනවා.

එහි දී එම පුද්ගලයා පරික්ෂා කළ වෛදවරුන් ඔහු මිය ගොස් ඇති බවටයි දැනුම් දී ඇත්තේ.

මෙසේ මිය ගිය පුද්ගලයාගේ මළ සිරුර මේ වන විට මස්කෙළිය ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර ඇති අතර, පශ්චාත් මරණ පරික්ෂනය එම රෝහලේදීම පැවැත්වීමට පියවර ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
1
+1
2
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?