ජනාධිපති ලේකම් කාර්යාලයේ දී විශේෂ ඉෆ්තාර් උත්සවයක්

ඉස්ලාම් බැතිමතුන්ගේ රාමසාන් උපවාස මාසය නිමිත්තෙන් පවත්වනු ලබන ඉෆ්තාර් උත්සවය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ සහභාගීත්වයෙන් ඊයේ (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.

ජනාධිපති කාර්යාලය සහ ජනාධිපති ලේකම් කාර්යාලයීය සුබසාධක සංගමය එක්ව මෙම ඉෆ්තාර් උත්සවය සංවිධානය කර තිබුණා.

එම්. එෆ්. ඒ. නුෆයිල් මව්ලවිතුමා විසින් රාමසාන් මාසයේ වැදගත්කම පිළිබඳ මෙහි විශේෂ දේශනය සිදුකරනු ලැබුවා.

ඒ. එන්. උබයිදුල්ලා විසින් පැවැත්වූ විශේෂ යාඥා මෙහෙයෙන් පසුව පස්වරු 6.23ට උපවාසය අත්හැරීමේ කටයුතු ආරම්භ වූ අතර ඉන් අනතුරුව විශේෂ භෝජන සංග්‍රහයක්ද පැවැත්වුණා.

මේ අතර ජනාධිපති ලේකම්වරයා ඉෆ්තාර් උත්සවය සඳහා එක්ව සිටි ඉස්ලාම් බැතිමතුන් සමඟ සුහද කතාබහකද නිරත වුණා.

ජනාධිපති ලේකම් කාර්යාලය මෙරට රජ්‍ය අංශයේ ප්‍රධාන ස්ථානයක් බවත්, ජනාධිපති කාර්යාලයේ සියලුම කාර්ය මණ්ඩලය වෙනුවෙන් සමස්ත මුස්ලිම් ජනතාවගේ ඉෆ්තාර් උත්සවයට සුබපැතුම් එක් කරන බවත් මෙහිදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක පවසා සිටියා.

බහුජාතීන් ජීවත් වන රටක් ලෙස එකිනෙකාගේ සංස්කෘතීන් අගය කරමින්, එයට මුසුවෙමින් කටයුතු කරන බවත්, ශ්‍රී ලාංකීය ජනතාවගේ ජාතික සංහිඳියාව පෙන්නුම් කරන සුවිශේෂී උත්සවයක් ලෙස රාමසාන් උත්සවය හැඳින්විය හැකි බවත් ජනාධිපති ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළා.

ජනාධිපති අරමුදලේ ලේකම්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරුන් වන ප්‍රසන්න චන්දිත්, රසල් අපොන්සු, ජනාධිපති සහකාර ලේකම් සහ ජනාධිපති කාර්යාලයීය සුබසාධක සංගමයේ ලේකම් සමිත් තලකිරියාව සහ ජනාධිපති කාර්යාලයේ අතිරේක ලේකම්වරු, අධ්‍යක්ෂ ජනරාල්වරු, අංශ ප්‍රධානිහු, ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉස්ලාම් භක්තික නිලධාරීන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ රන් පදක්කම රුමේෂ්ට - මහ වැස්සේ අපේ කොල්ලා ගැහුව ගේම
00:52
Video thumbnail
අවසරලත් පීටිකාවෙන් පිට මත්පැන් තබා සාදයක් පැවැත්වූ කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:28
Video thumbnail
මත්පෙති ජාවාරමට එරෙහිව ගමක් පාරට බහී
01:37
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ
01:50
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:21
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:07
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ
00:54
Video thumbnail
ඉන්ධන හා තාප බලාගාර මාෆියාවට යට වූ රජය සූර්ය බලශක්ති ව්‍යාපෘති විනාශ කරන්න හදනවා
05:33
Video thumbnail
පාර්ලිමේන්තුවේ විපක්ෂයේ පිරිසක් හොරෙන් ආණ්ඩුවට සහාය දෙනවා
04:01
Video thumbnail
නිමල් පෙරේරා නාමල්ට සල්ලි දුන්නානම් නිමල් වැරදිකාරයෙක්නේ - මහින්දගේ ගුණ වයපු SB දිසානායක
02:43