AFC Banner
Empty Ad
Empty Ad

තැපැල් රියේ ගැටුණු හිමිනම අපවත්වෙයි

අනුරාධපුර – පාදෙණිය ප්‍රධාන මාර්ගයේ ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ දී අද (17) අලුයම සිදුවූ රිය අනතුරකින් හිමිනමක් අපවත් වී තිබෙනවා.

තඹුත්තේගම බලා ධාවනය වෙමින් තිබූ තැපැල් දෙපාර්තමේන්තුවට අයත් වෑන් රථයක මෙම හිමිනම ගැටී ඇති අතර, ශ්‍රාවස්තිපුර – අලුත්ගම කුමාර විද්‍යාලය ඉදිරිපිට පාදික මාරුව (සුදු ඉර) මත දී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.

අනතුර සිදු වූ ස්ථානයේ දීම හිමිනම අපවත් වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අපවත් වූ හිමිනම පිළිබඳ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති අතර මේ වනවිට අනුරාධපුර පොලිසිය විසින් වෑන් රථයේ රියදුරුව සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනුරාධපුර පොලිසිය විසින් අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?