ශෂීන්ද්‍ර රාජපක්ෂට ඇප

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවනගල ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර තිබූ ගොඩනැගිල්ලක් ඇතුළු දේපල අරගලකරුවන් විසින් විනාශකර ඇති බව පවසමින් හානි පූර්ණ කාර්යාලය නිලධාරීන්ට බලපෑම් කර එම දේපළ වෙනුවෙන් රුපියල් 88,50000 ක වන්දි ලබාගෙන වංචාවක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාස දෙකකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඊයේ (14) නියෝග කළා.

සැකකරුට රුපියල් ලක්ෂ 20 බැගින් වු ශරීර ඇප තුනක් හා රුපියල් 50,000ක මුදල් ඇපයක් නියම කෙරුණ අතර සැකකරුගේ විදෙස් ගමන් ද තහනම් කෙරුණා..

සැකකරුගේ රෝගී තත්ත්වයන්ට අදාල වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් කර තිබීම, විමර්ශන කටයුතු අවසන් අදියරේ පැවතීම, හා සැකකරු දින හැත්තෑවක් පමණ කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබීම යන කරුණු සැලකිල්ලට ගනිමින් සැකකාරුට එසේ ඇප නියම වුණා.

මහවැලි අධිකාරියට අයත් ඉඩමක අනීතිකව ඉදිකර තිබූ අරගල කරුවන් විසින් විනාශ කළ බව කියන එම ගොඩනැඟිල්ල වෙනුවෙන් රුපියල් 88 ලක්ෂයක වන්දි මුදලක් සැකකාර ශෂීන්ද්‍ර රාජපක්ෂට ලබාදීම සඳහා අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන් එවකට හානි පූර්ණ කාර්යාලයේ වැඩ බලන අධ්‍යක්ෂක ජනරාල්වරයා ලෙස කටයුතු කළ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශයේ අතිරේක ලේකම් රාජපක්ෂ පතිරගේ සේපාලිකා සමන් කුමාරි යන යන අයද අල්ලස් කොමිසම මගින් මීට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ අතර පසුව දැඩි ඇප කොන්දේසි මත ඇය මුදා හැර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාගේ කතාවෙන් සජිත්ට තදවෙයි
18:10
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි..කථානායක වරදක් කරලා..කවුද මේකට වග කියන්නේ?
01:40
Video thumbnail
ඩීසල් ලීටරයකට රු.100 දක්වා සහ පෙට්‍රල් ලීටරයකට රු. 20 දක්වා සහනයක්
03:35
Video thumbnail
ගල් අඟුරු හොඳයි ද නැද්ද කියලා මම කාලා බලන්නේ නෑ
15:57
Video thumbnail
බහුදින යාත්‍රාවකට ලක්ෂ එක හමාරක ඉන්ධන දීමනාවක්..ඉන්ධන මිලට වඩා රු. 50ක් අඩුවෙන් දෙන්නේ
02:08
Video thumbnail
AI සජිත් ප්‍රේමදාස නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි
21:26
Video thumbnail
කබීර් හොඳම එකෙන් අමතද්දි ජනාධිපති සහන මල්ලක් අරගෙන පාර්ලිමේන්තුවට එයි
02:36
Video thumbnail
මරික්කාර් බිමල්ට දාපු කින්ඩිය
00:57
Video thumbnail
අහක බලාගෙන ඉන්න එපා - මුජිබුර් ඇමති එක්ක ගේම ඉල්ලයි
04:04
Video thumbnail
අම්මෝ හිරුණිකා ජනපතිට දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
17:48