ශෂීන්ද්‍ර රාජපක්ෂට ඇප

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවනගල ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර තිබූ ගොඩනැගිල්ලක් ඇතුළු දේපල අරගලකරුවන් විසින් විනාශකර ඇති බව පවසමින් හානි පූර්ණ කාර්යාලය නිලධාරීන්ට බලපෑම් කර එම දේපළ වෙනුවෙන් රුපියල් 88,50000 ක වන්දි ලබාගෙන වංචාවක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාස දෙකකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඊයේ (14) නියෝග කළා.

සැකකරුට රුපියල් ලක්ෂ 20 බැගින් වු ශරීර ඇප තුනක් හා රුපියල් 50,000ක මුදල් ඇපයක් නියම කෙරුණ අතර සැකකරුගේ විදෙස් ගමන් ද තහනම් කෙරුණා..

සැකකරුගේ රෝගී තත්ත්වයන්ට අදාල වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් කර තිබීම, විමර්ශන කටයුතු අවසන් අදියරේ පැවතීම, හා සැකකරු දින හැත්තෑවක් පමණ කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබීම යන කරුණු සැලකිල්ලට ගනිමින් සැකකාරුට එසේ ඇප නියම වුණා.

මහවැලි අධිකාරියට අයත් ඉඩමක අනීතිකව ඉදිකර තිබූ අරගල කරුවන් විසින් විනාශ කළ බව කියන එම ගොඩනැඟිල්ල වෙනුවෙන් රුපියල් 88 ලක්ෂයක වන්දි මුදලක් සැකකාර ශෂීන්ද්‍ර රාජපක්ෂට ලබාදීම සඳහා අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන් එවකට හානි පූර්ණ කාර්යාලයේ වැඩ බලන අධ්‍යක්ෂක ජනරාල්වරයා ලෙස කටයුතු කළ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශයේ අතිරේක ලේකම් රාජපක්ෂ පතිරගේ සේපාලිකා සමන් කුමාරි යන යන අයද අල්ලස් කොමිසම මගින් මීට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ අතර පසුව දැඩි ඇප කොන්දේසි මත ඇය මුදා හැර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අස්වැසුම ගන්න ආ මිනිස්සු දැඩි අසීරුතාවක
01:11
Video thumbnail
ගී කෝකිලාවියට සමුදෙන්න දේශපාලන ප්‍රබලයෙකුත් එයි.."එතුමිය වෙනුවෙන් මම අවු :18ක් කැපවුණා සර්"
01:47
Video thumbnail
දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව උණුසුම් වෙයි.."බොරු අයවැයට අපි විරුද්ධයි..විරුද්ධයි"
01:32
Video thumbnail
සජිත් එක්ක තිබුණු තරහට රනිල්, අනුරව ජනපති කළේ
04:53
Video thumbnail
ජොන්ස්ටන්ගේ පුතා ජොහාන් ප්‍රනාන්දු FCIDයට
00:50
Video thumbnail
ලතා වල්පොලගේ දේහයට ගෞරව දක්වන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් එයි..අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව මැද
04:54
Video thumbnail
විදේශ ආධාර කළමනාකරණයට විශේෂ කමිටුවක්..ආධාර වැඩි නිසා දැඩි ආරක්ෂාව එක්ක තව ගබඩා කාමරයක් ගත්තා
11:40
Video thumbnail
ජනාධිපතිතුමාගේ යාළුවෙක්ව ද විගණකාධිපති කරන්න හදන්නේ..?
03:46
Video thumbnail
කිරිබත්ගොඩ ප්‍රසිද්ධ වෙළඳසැලක විශාල ගින්නක්
02:08
Video thumbnail
මතුගම සජබ සභාපති ලේකම්තුමියට ප#හරදීලා
01:28


?