ශල්‍යාගාර ලාම්පු මිල දී ගෙන රජයට පාඩු කළ වෛද්‍ය ඉංජිනේරුවරයෙකුට නඩු

2015 වසරේ ශල්‍යාගාර ලාම්පු 35 ක් මිල දී ගැනීමේ දී රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා ඒකකයට අනුයුක්තව සිටි ජීව වෛද්‍ය ඉංජිනේරුවෙකු වූ සුභසිංහ ආරච්චිගේ ජනප්‍රිය කරුණාතිලක මහතාට එරෙහිව අද (17) කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා භාරදෙනු ලැබුවා.

අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ එම අධි චෝදනා පත්‍ර අද කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ භාරදීම සිදු කළා.

ඉන් අනතුරුව විත්තිකරු රුපියල් 25000ක මුදල් අප සහ රුපියල් ලක්ෂ 25 ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට ද විනිසුරුවරයා නියෝග කළා.

නඩු විභාගය අවසන් වනතුරු විත්තිකරුට විදේශගත වීම තහනම් කළ අධිකරණය ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතු බවත් නියෝග කළා.

ඊට අමතරව සෑම මසකම අවසන් ඉරු දින අල්ලස් කොමිසම හමුවේ පෙනී සිට වාර්තා කළ යුතු බවටත් විත්තිකරුට තවත් ඇප කොන්දේසියක් පනවනු ලැබුවා.

ඉන් අනතුරුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණ ජනවාරි මස 30 වනදා කැඳවීමට ද නියම වුණා.

2015 වසරේ අප්‍රේල් මස 07 වනදා සහ 2016 වසරේ ජූලි මස 15 වනදා අතර කාලසීමාව තුළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා ඒකකයේ ජීව වෛද්‍ය ඉංජිනේරුවකු වශයෙන් සේවය කරමින් techno medies international සමාගමින් ශල්‍යාගාර ලාම්පු 35 ක් මිල දී ගැනීම සඳහා අනුමත කිරීම තුළින් රජයට පාඩුවක් සිදුකොට “දූෂණය” නමැති වරද සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් අල්ලස් පනත යටතේ මෙම විත්තිකරුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබෙනවා.

එම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයින් 32 දෙනෙකු නම් කර තිබෙන අතර නඩු භාණ්ඩ වශයෙන් ලේඛන 16 ක් ද ඉදිරිපත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
2
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45


?