ශර්මිලා රාජපක්ෂ හදිසියේම සේවයෙන් ඉවතට – හේතුව මෙන්න

කඩාකප්පල්කාරී ක්‍රියා සහ වංචාවලට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳව විධිමත් විමර්ශනයක් සිදුකොට පවත්නා අවදානම්කාරී වාතාවරණය ඉවත් කරදෙන තුරු තමන් සේවයෙන් ඉවත්වන බව සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ මහත්මිය පැවසුවාය.

ජනාධිපති ලේකම්වරයාට සහ වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ඇය ඒ බව ලිපියක් මගින් දන්වා ඇත.

එම ලිපිය මගින් ඉල්ලා ඇත්තේ දින 14ක් ඇතුළත පරීක්ෂණයක් පවත්වා ඇය වෙත රාජකාරී කිරීමට හැකි වාතාවරණයක් සාදා දෙන ලෙසය. 

එසේ නොමැති වුවහොත් තමා සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට කටයුතු කරන බවද එම ලිපියේ ඇය සඳහන් කර තිබේ.

දෙහිවල සත්ත්වෝද්‍යානයේ සේවක පිරිසකගේ අත්තනෝමතික, විනාශකාරී වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සහ ඒ හේතුවෙන් අනෙකුත් සේවකයන්ගේ ආරක්ෂාව සහ සත්ත්වෝද්‍යානයේ සත්ත්වයින්ට ඇතිවී තිබෙන බලපෑම සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරමින් තමන් එම ලිපිය යොමු කළ බවද අවසන් වශයෙන් ඇය සඳහන් කර ඇත.

අදාළ ලිපිය,



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
03:08
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18