ශඩබ් ඛාන්ගේ ආගමනයෙන් තැන අහිමි වූවා යැයි සැලකෙන කදීර් ක්‍රිකට් ගමන නිමාකරයි

පාකිස්තානු ක්‍රිකට් ක්‍රීඩක උස්මන් කදීර් (Usman Qadir) ක්‍රිකට් පිටියෙන් සමුගෙන තිබෙනවා.

ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ කදීර් සිය නිල සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ සිය සමුගැන්ම තහවුරු කර ඇති බවයි.

31 හැවිරිදි මෙම ක්‍රීඩකයා කලක් ඔස්ට්‍රෙලියාවේ රැඳී සිටියා.

තමන්ට සිය රට ක්‍රිකට් ක්‍රීඩාවෙන් නියෝජනය කිරීමට ලැබීම ගැන ඇත්තේ ඉමහත් ප්‍රීතියක් බවත්; ඒ සඳහා ඇපකැප වී සහාය දුන් සියලුදෙනාට හෘදයාංගම කෘතඥතාව පිරිනමන බවත් කදීර් පවසා තිබෙනවා.

කදීර් පකිස්තානය වෙනුවෙන් එක් එක්දින තරගයක් සහ විස්සයි20 තරග 25ක් ක්‍රීඩා කළ අතර, සිම්බාබ්වේට එරෙහිව සිය මංගල විස්සයි20 තරගාවලියට සහභාගි වුණා.

ඔහු තරග තුනකදී ලකුණු 60කට කඩුලු 8ක් දවාගත් අතර තරගාවලියේ වීරයා ලෙසින් නම් කෙරුණු ක්‍රීඩකයෙක් ද වනවා.

ඔහු පකිස්තානයේ ප්‍රධාන පා දඟ පන්දු යවන්නා ලෙස සැලකුණ ද ශඩබ් ඛාන්ගේ ආගමනයත් සමග කදීර් හට සිය ස්ථානය අහිමි වීමක් දක්නට ලැබුණා.

පසුව හෙතෙම ඔස්ට්‍රෙලියාවට සංක්‍රමණය වන්නේ 2018 වසරේ ඔස්ට්‍රෙලියානු ප්‍රාන්ත ක්‍රිකට් සඳහා ලැබුණු ඇරයුමක් මතයි.

එතැන් සිට ඔහු බටහිර ඔස්ට්‍රෙලියාවේ BBL හි Perth Scorchers සහ Sydney Thunder වෙනුවෙන් ක්‍රීඩා කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46