ශකීබ් අල් හසන්ගේ බැංකු ගිණුම් අත්අඩංගුවට

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක මෙන් ම හිටපු එරට අගමැතිනි ශීක් හසීනාගේ රජය යටතේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ ශකීබ් අල් හසන්ගේ සියලුම බැංකු ගිණුම් අත්අඩංගුවට ගැනීමට නියෝග හිමි ව තිබෙනවා.

එරට මාධ්‍ය වාර්තා කරන්නේ බංග්ලාදේශ මූල්‍ය බුද්ධි අංශය (BFIU) විසින් ශකීබ් සතු සියලුම ගිණුම් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

බංග්ලාදේශ බැංකු ප්‍රකාශක Husne Ara Shikha විසින් එරට මාධ්‍ය වෙත ඊයේ (06) දිනයේ දී මෙම කරුණු අනාවරණය කළා.

මීට පෙර ද එනම් ඔක්තෝබර් 02 වැනි දා BFIU විසින් ශකීබ් සහ, ඔහුගේ බිරිඳ Umme Ahmed Shishir සහ ඔහුට අයත් ව්‍යාපාරික ආයතනවල සියලුම බැංකු ගිණුම් තොරතුරු ඉල්ලා සිටියේ, කොටස් වෙළඳපොළ හැසිරවීම් සහ මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ විමර්ශනයක කොටසක් ලෙසයි.

එම පරීක්ෂණයෙන් පසුවයි රජයේ උපදෙස් මත මෙම තීරණය ගෙන තිබෙන්නේ.

ෂකීබ් මේ වන විට සිය පවුලේ අය සමඟ අමෙරිකාවේ ජීවත් වනවා.

අවාමි ලීග රජය පසුගියදා පෙරලා දැමීමෙන් පසුව පත් වූ අන්තර් වාර රජයේ විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරි අවස්ථාවේ දී ශකීබ් හට සිය පාර්ලිමේන්තු අසුන ද අහිමි වූ අතර ඔහු අරගලය සමයේ ඝාතන නඩුවකට ද වග උත්තරකරුවෙකු ලෙස නම් කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
5
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?